Home » අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන්

අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන්

by Mahesh Lakehouse
December 23, 2023 12:34 am 0 comment

අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දස දෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පත් කර ඇත. මෙම පත්වීම් ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මකය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වසන්තා පෙරේරා ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට එන්. එම්. රණසිංහ ද ගුණදාස සමරසිංහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කර තිබේ.

එමෙන්ම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ. සී. මොහොමඩ් නෆීල් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්. පී. පී. යසරත්න ද වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සමන් දර්ශන පාඩිකෝරාල ද පත්වීම් ලබා තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී. කේ. පී. චන්ද්‍රකීර්ති ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ද, ඉංජිනේරු රංජිත් රූබසිංහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග ද පත් කර ඇත. තවද උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ ද මේ අනුව කටයුතු කරනු ඇත

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division