Home » රට ගොඩනැඟීමේ අවංකභාවයක් මේ රජයට නෑ

රට ගොඩනැඟීමේ අවංකභාවයක් මේ රජයට නෑ

by Mahesh Lakehouse
December 23, 2023 12:39 am 0 comment

රට ගොඩනැඟීමේ අවංක භාව­යක් මේ රජ­යෙන් නොද­කින බවත් දේශීය ආර්ථි­කය නඟා­සි­ටු­වීම සහ වර්ධ­නය කිරීම රජය සතු වග­කී­මක් බවත් එය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට කළ නොහැ­ක්කක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම් පවසයි.

වත්මන් රටේ ආර්ථික තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරයා මෙසේද කීය.

‘රටක බදු අය විය යුතුයි. එසේම හිතවතුන් බදු දැලට හසු නොවන ආකාරයේ ප්‍රතිපත්ති ඉවත් කළ යුතුයි. රජය කරන්නේ ඉහළ පන්තියේ පිරිසගෙන් බදු අය නොකර ජනතාව පිඩාවට පත් කරන ආකාරයට බදු අය කිරීමයි.

ක්ෂුද්‍ර ආර්ථිකය විනාශ වන මට්ටමින් බදු වැඩි කිරීමෙන් රටේ ආර්ථීක උත්තේජනයට බාධා සිදු වෙනවා. මේ අවිනිශ්චිතභාවය නිසා ඉදිරියේදී රටට එන ආයෝජන නවතින්න පුළුවන්. දැනට ආයෝජන අත්හිටුවලා තියෙන්නේ. මැතිවරණය මාස කිහිපයක් තුළ ඉවර කරනවා නම් රටට වඩා යහපත් වෙනවා. ජනතාව බුද්ධිමත්ව ගනු ලබන තීන්දු මතයි අපේ අනාගතය රඳා පවතින්නේ. ඒ නිසා අපේ අදහස මේ රටේ ඉක්මනින් මැතිවරණයක් පැවැත්විම මූලිකව කළ යුතු කාර්ය බවයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division