Home » අගාධයෙන් රට ගොඩගන්න ජවිපෙට සැලසුමක් තිබෙනවා

අගාධයෙන් රට ගොඩගන්න ජවිපෙට සැලසුමක් තිබෙනවා

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

ආණ්ඩුවේ පවතින ප්‍රධාන අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතූ අතර දැන් ආණ්ඩුව IMF රූකඩයක් බවට පත්වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ වර්තමාන වියදම් හොයාගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන මුදලින් ගෙවීමට එපා යැයි දැනුම් දී තිබෙන බැවින් ආණ්ඩුවට වියදම් හොයාගැනීමට ක්‍රමවේදයක් නැති බැවින් බදුවලින් අයකර ගැනීම රජය විසින් සිදු කරන බව ද ජවිපෙ ලේකම්වරයා කියා සිටියේය. මේ පිළිබඳ අදහස් දක්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ ද පැවසීය. ආණ්ඩුව මේ වනවිට වැට් එක වැඩි කරලා තියෙනවා. වැට් එක 15% සිට 18% දක්වා ජනවාරි මාසයේ සිට වැඩි කර කිරීමෙන් ජනතාව තවත් අසීරුතාවට පත්වෙලා.

එසේම ප්‍රධාන අර්බුදය එය නොවෙයි. මෙතෙක් කල් කිසිදු දිනයක වැට්වලට අයත් නොකළ භාණ්ඩ වර්ග 97කට වැට් බදු අය කරන්න ආරම්භ කර තියෙනවා. විදුලි බලය ඩිසල් පෙට්‍රල්වලට පාසල් උපකරණ සඳහා වැට් අය කරන්න සූදානම් වෙනවා. මේ සියලු දේ්වලට වැට් වැඩි වුණාම එය ආහාර පාන ප්‍රවාහනයට ආදි සියල්ලටම බලපානු ලබන බවත් වැට් වැඩි කිරීමෙන් ජනතාව විශාල පීඩාවට පත්වෙලා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division