Home » කහවත්ත කතගේ ඝාතනය ගැන දුරකථන ජාල පරීක්ෂණ

කහවත්ත කතගේ ඝාතනය ගැන දුරකථන ජාල පරීක්ෂණ

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ පදිංචිව සිටි විනීතා ජයසුන්දර තිදරු මවගේ ඝාතනයත් සමඟ ඇය පරිහරණය කළ ජංගම දුරකථන දෙකෙන් එකක් අතුරුදන්ව ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.

එම ජංගම දුරකථනය හා ඇගේ ඝාතනය අතර යම් අභිරහසක් ඇති බව විශ්වාස කරන පොලීසිය මේ ජංගම දුරකථනය සොයා විමර්ශනයක් ආරම්භකර ඇත.

දුරකථනයේ අංකය හා ඝාතනයට සැකපිට අත්අඩංගුවට සිටින ඇගේ බාල දියණියගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරිගණක විද්‍යාගාරයේ නිලධාරීන්ගේ පරීක්ෂාවටද මේ වන විට ලක්කර ඇත.

මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 13 වැනිදා දහවල් 12.30ත් 4.30ත් අතර බව පොලීසිය අනුමාන කරයි. මිය ගිය අය දහවල් 12.30ට පමණ වැලේ රෙදි වනනු දුටු සාක්ෂියක් ලැබී ඇත.

ඝාතනය වූ විනීතා ජයසුන්දරගේ බාල දියණිය එදින දහවල් 11.00 පසුවී සේවයේ නිරතව සිටි කහවත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගොස් සේවය අවසන්කර නිවෙස බලා පිටත්ව ගොස් ඇත්තේ සවස 3.30ට පමණය. ඇය කාර්යාලයෙන් පිටතට ගොස් ඇත්තේ එක් වරක් පමණක් වන අතර එසේ පිටව ගොස් ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල බැංකුවකටය. ඇය ඒටීඑම් යන්ත්‍රයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාගෙන රුපියල් 5,000ක මුදලක් හිතවත් සේවිකාවකට ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.

(ගයාන් කුමාර වීරසිංහ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division