Home » රජයට බදු මුදල් අහිමි කළ RMV නිලධාරීන් 5කට අධි චෝදනා

රජයට බදු මුදල් අහිමි කළ RMV නිලධාරීන් 5කට අධි චෝදනා

by Mahesh Lakehouse
December 23, 2023 12:41 am 0 comment

ත්‍රිරෝද රථයක ලියාපදිංචියට අදාළ දත්ත ඉවත් කර ඒ වෙනුවට ‘මිනිකූපර්“ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් දත්ත ඇතුළත්කර එම රථය ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචි කිරීමෙන් රජයට බදු මුදල් අහිමි කිරීම වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනකු ඇතුළු හත් දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ දෙසැම්බර් 22 වැනිදා අධි චෝදනා ගොනු කරනු ලැබීය.

මෙලෙස අධි චෝදනා ගොනු කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහන් සම්පාදක කුකුළේ කංකානම්ලාගේ රෝහිත සමරවීර, එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහ පර්යේෂණ හිටපු කොමසාරිස් උදියාවත්ත, දඹදෙණීය පදිංචි කළුදේවගේ බන්දුල ජයසිංහ, එහි විමර්ශන සහකාරවරුන් වන කදවල, කටානේ පදිංචි නිතීඥ මුණසිංහ ආරච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, රෆායල් වත්ත, යක්කල පදිංචි මුත්තුංග මුදියන්සේලාගේ කේමන්ත මුත්තුංග, එම දෙපාර්තමේත්තුවේ ලිපිකරු පිටිපන උතුර, හෝමාගම පදිංචි නෙරළුව ගමගේ චන්න රෝහිත, මීගමුව පාර,

මැටියගනේ ලිපිනැති රන්දි මෝටර්ස් හිමිකරු දිසානායක මුදියන්සේලාගේ ධර්මරත්න බණ්ඩා සහ කොළොන්යායවත්ත, මැටියගනේ පදිංචි වලිසුන්දර මුදියන්සේලාගේ අජිත් කුමාර වලිසුන්දර යන අයවලුන්ටය.

පළමු චූදිතයන් පස්දෙනාටම චෝදනා හතරක් යටතේත් අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

අනෙත් පුද්ගලයින් දෙදෙනාට එරෙහිව ආධාර අනුබල දීමේ චෝදනාව ඇතුළු චෝදනා විස්ස බැගින් චෝදනා හතලිහක් ගොනු කරනු ලැබ ඇති අතර පැමිණීල්ල විසින් ලේඛන ලැයිස්තුව 70ක් සහ නඩුභාණ්ඩ ලේඛන 100ක් නඩු ගොනුවට ඇතුළත් කරනු ලැබ තිබේ.

වර්ෂ 2007 දී මෙරටට ගෙන්වූ ත්‍රි රෝද රථයක දත්ත ඉවත් කර ඒ වෙනුවට 2015 වර්ෂයේ මෙරටට ආනයනය කරන ලද ‘මිනිකූපර්“ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී රජයට අයවිය යුතු බදු මුදල් රුපියල් ලක්ෂ 25ක මුදලක් රජයට අහිමි කළ බවට සදහන් කරමින් අල්ලස් කොමිසම මෙම චුදිතයින්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division