Home » මිනිස් වටිනාකම් රැකෙන අරුත්බර නත්තලක්
ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ නත්තල් පණිවිඩය

මිනිස් වටිනාකම් රැකෙන අරුත්බර නත්තලක්

by Mahesh Lakehouse
December 23, 2023 12:42 am 0 comment

හුදු ද්‍රව්‍යමය සංවර්ධනයට සහ සමෘද්ධියට ඔබ්බෙන් වූ මානව යථාර්ථයන් සහ අපේක්ෂා පිළිබඳ වඩා උතුම් අවබෝධයක් කරා අප රැගෙන යන නත්තල, පමණ ඉක්මවා වියදම් කිරීමෙන් තොර සරල සැමරුමක් බවට පත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රදගුරු සමුළුව සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමිපාණන්ගේ සහ මහ ලේකම් අතිඋතුම් ජේ.ඩී ඇන්තනි රදගුරු හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නත්තල් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දේව පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේ මිනිස් බව ගැනීම සිහි කෙරෙන නත්තල මිනිසාගේ ගරුත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් කරා රැගෙන යන බවයි.

එබැවින් මූලික මිනිස් අයිතිවාසිකම් සහ නිදහසට ගරු කිරීමට අදාළ සත්‍යයන් සමාජය තුළ සහතික කිරීමට දායක වීම සියලු දෙනාගේ වගකීම බව ද ශ්‍රී ලංකා රදගුරු සමුළුව වැඩිදුරටත් සිය නත්තල් පණිවිඩය මඟින් අවධාරණය කර ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division