Home » රට තුළ මද්‍යසාර ප්‍රතිපත්තියක් වෙනුවෙන් මාධ්‍ය ව්‍යාපෘතියක්

රට තුළ මද්‍යසාර ප්‍රතිපත්තියක් වෙනුවෙන් මාධ්‍ය ව්‍යාපෘතියක්

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාව තුළ ඵලදායී මධ්‍යසාර ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා වූ මාධ්‍ය ව්‍යාපෘතිය වන RESET Alcohol ආරම්භ කිරීම දෙසැම්බර් 18 වැනිදා කොළඹදී සිදු විය.

එහිදී Ape TV Academy & Creation විසින් මද්‍යසාර භාවිතය අවම කිරීම හා එමඟින් සමාජයේ සෞඛ්‍ය හානිය අවම කිරීම සඳහා වූ නිර්මාණ එළිදක්වන ලදි.

ශ්‍රී ලංකාවේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) හා Rest Alcohol වැඩසටහන මෙය සංවිධානය කොට තිබුණි. එම උත්සවයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය පාලිත අබේකෝන් සහ දුම්කොළ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති වෛද්‍ය ඇලන් ලුඩොවයික් ද අදහස් දැක්වීය. Reset Alcohol යනු මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානිය අවම කිරීමට ප්‍රතිපත්ති සැකසීමට උදෙසා ගෝලීය මුල් පියවරක් වන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සඳහා මධ්‍යසාර නිෂ්පාදන සඳහා තාර්කික බහු ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ අනුව ක්‍රියාත්මක කිරීම ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division