Home » පූනානි සරසවිය ජනවාරි 18 ඇරඹේ

පූනානි සරසවිය ජනවාරි 18 ඇරඹේ

by Mahesh Lakehouse
December 16, 2023 12:34 am 0 comment

මඩකලපුව පූනානි පිහිටි නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ජනවාරි 18 වැනිදා ආරම්භ කෙරේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ දැනට මෙරට විශ්වවිද්‍යාල 17ක් පවතින අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනත් මඟින් ස්ථාපිත කර ඇති රජයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව 10කි. සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් ඉගැන්වීම් කෙරෙන පූනානි විශ්වවිද්‍යාලය සිසුන් 10,000 ආසන්න සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ සියලු පහසුකම්වලින් සමන්විත බවත් මේ වන විට අයැදුම්පත් තුන්දහසක් පමණ ලැබී ඇති බවත් එහි සභාපතිවරයා වන නැඟෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ප්‍රකාශ කළේය.

වසර 2018දී ඉදිකිරීම් කටයුතු අවසන් වුව ද කොවිඩ් වසංගත සමයේ කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙම විශ්වවිද්‍යාලය එහි නිර්මාතෘ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා වෙත යළි භාර දෙනු ලැබුවේ ඉකුත් ඔක්තෝබර් 20 වැනිදාය.

බෞද්ධ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා එම විශ්වවිද්‍යාලය ආරම්භ වූයේ වැලිකන්ද ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, කඩවත්මඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් ප්‍රමුඛ සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division