Home » දුම්රිය ආදායම කෝටි 2000ට නැංවීමට පියවර

දුම්රිය ආදායම කෝටි 2000ට නැංවීමට පියවර

by Mahesh Lakehouse
December 16, 2023 12:36 am 0 comment

දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම ලබන වසරේ සිට රුපියල් කෝටි 500කින් වැඩි කර ගැනීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්. කේ. ඩබ්ලිව් බණ්ඩාර සිළුමිණට ඉකුත් සිකුරාදා පැවසීය.

ඒ අනුව දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගන්නා සියලු ගොඩනැඟිලි හා ඉඩම් දුම්රිය ධාවනයට බාධා නොවන පරිදි පෞද්ගලික අංශයට බදු දීමට පියවර ගෙන ඇතැයිද ඒ අනුව දැනට වාර්ෂිකව ලැබෙන ආදායම වන රුපියල් කෝටි 1500ක ආදායම 33%කින් පමණ ඉහළ නංවා රුපියල් කෝටි 2000ක් දක්වා වැඩි කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

දෙපාර්තමේන්තුව ලබන ආදායම මෙලෙසින් 33%කින් එනම් රුපියල් කෝටි 500කින් වැඩි කර ගැනීමට කටයුතු කරන්නේ කිසිදු අමතර පිරිවැයක් නොදරමින් බව පෙන්වා දුන් සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවේ මීට අමතරව ඉදිරියේදී සංචාරක ආකර්ෂණය වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඒ අනුව දුම්රිය ආදායම වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එමෙන්ම මේ දක්වා බාහිර පාර්ශ්ව විසින් බදු මුදල් නොගෙවා භාවිත කරන සියලු ඉඩම් ආපසු ලබා ගැනීමට මේ වන විටත් කටයුතු කර ඇතැයි ද ඒවා ද නියමිත බදු ක්‍රමය යටතේ බදු දෙනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division