Home » විශේෂඥ වෛද්‍යවරු අවුරුදු 63 තෙක් සේවයේ

විශේෂඥ වෛද්‍යවරු අවුරුදු 63 තෙක් සේවයේ

by Mahesh Lakehouse
December 16, 2023 12:37 am 0 comment

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබූ රාජ්‍ය සේවයේ නියුතුව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය ඉකුත් 15 වැනි සිකුරාදා නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් එම තීන්දුව ලබා දී තිබුණේ වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීන්දුව අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරු පිරිසක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙනි.

වයස අවුරුදු 60දී විශ්‍රාම යෑමේ තීන්දුව ක්‍රියාත්මක වූයේ නම් 2,500කට අධික රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් අතුරින් 300කට අධික විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාවක් ලබන දෙසැම්බර් 31 වැනිදා වන විට විශ්‍රාම යාමට නියමිතව සිටි බවත් විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම නිසා එම සංඛ්‍යාව 75කට පමණ අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් සිළුමිණට හෙළි කළේය.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division