Home » ඩිජිටල් හැඳුනුම්පතේ මූලික කටයුතු ජනවාරියේ

ඩිජිටල් හැඳුනුම්පතේ මූලික කටයුතු ජනවාරියේ

by Mahesh Lakehouse
December 16, 2023 12:39 am 0 comment

ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළ මූලික කරුණු ලබන ජනවාරියේ සිට ඇරඹීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එකඟතාව පළවී තිබේ.

එලෙස එකඟතාව පළව ඇත්තේ ඉන්දීය රජයේ නියෝජිතයන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදීය. රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් ලෙස නිකුත් කෙරෙන මෙම හැඳුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්ත ඇතුළත් වෙයි.

මීට ඉහත ඩිජිටල් හැඳුනුම්පත ඉල්ලුම් කිරීමේ දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණද නව ඩිජිටල් හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණකි.

ඒ අනුව අලුතින් ඩිජිටල් හැඳුනුම් පතක් ඉල්ලුම් කරද්දී නම, ලිපිනය, උපන් දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, දුරකථන අංකය මෙන්ම ඊමේල් ලිපිනයක්ද ලබා දිය යුතය.

මුල්වරට හැඳුනුම්පත් අයදුම්කරුවන්හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබා දීමෙන් අනතුරු විධිමත්ව සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබා දීම රජයේ අරමුණ වී තිබේ.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division