Home » ඉන්දීය සාගර කලාපය රකින මූලස්ථානය ශ්‍රී ලංකාවේ

ඉන්දීය සාගර කලාපය රකින මූලස්ථානය ශ්‍රී ලංකාවේ

by Mahesh Lakehouse
December 16, 2023 12:41 am 0 comment
වජිර ලියනගේ

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපීය රටවල් තීරණය කර තිබේ.

මොරිසස් දිවයිනේ කලාපයේ රටවල් එක්ව ඉකුත්දා පැවැති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක ඉහත යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමුළුව ඊට එකඟතාව පළ කර ඇත. සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.

මේ අනුව දැනට ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවා පසුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතය. ඉන්දියාව සහ දකුණු ආසියානු කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division