Home » මත් උවදුර මඬින මහ සටන ඇරැඹේ

මත් උවදුර මඬින මහ සටන ඇරැඹේ

by Mahesh Lakehouse
December 16, 2023 12:45 am 0 comment

– ජනතාව දෙන තොරතුරු ගන්න හැම පොලිස් කොට්ඨාසයකටම වෙනම දුරකථන අංකයක්
– ඇමතුම දෙන්නාගේ අංකය බලන්නත් බෑ

මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන්ම දුරු කිරීමේ අරමුණින් යුතුව විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ‘යුක්තිය’ නමින් විශේෂ මෙහෙයුමක් 17 ඉරිදා සිට ශ්‍රී ලංකා පොලිසිය මඟින් දිවයින පුරා ආරම්භ කෙරේ. මෙහි මූලික අරමුණ වන්නේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් අත්අඩංගුවට ගෙන විෂ මත්අද්‍රව්‍ය මර්දනය කිරීමත් ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමත්ය.

ආරම්භයේදී දෙසැම්බර් 23 වෙනිදා දක්වා පුළුල් මෙහෙයුමක් ලෙස ‘යුක්තිය‘ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේය.

පසුගිය 14 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු කොට්ඨාස භාර සියලු පොලිස් අධිකාරිවරුන් ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොලිස් මූලස්ථානයට ගෙන්වා මේ පිළිබඳව දැනුවත් කර තිබේ.

ඒ වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ පැය 24ම මේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

එහිදී සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් කොට්ඨාස 45හිම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට විශේෂ ජංගම දුරකථනයක් ලබා දී ඇති අතර එම දුරකථනයේ අමතන්නා හඳුනා ගැනීමට නොහැකි බැවින් තම අනන්‍යනතාව හෙළි නොවන නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධ ඕනෑම තොරතුරක් විශ්වසනීයත්වයෙන් යුතුව ලබා දීමට හැකි වනු ඇත.

මේ විශේෂ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එක්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී ත්‍රිවිධ හමුදාවේ සහායද ගැනීමට කටයුතු කෙරෙනු ඇත. මහජනතාවට පොලිස් මූලස්ථාන විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක – 071 8598800 ඔස්සේ තොරතුරු ලබා දිය හැකිය.

එමෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳ විස්තර ලබාදිය හැකි අතර කොට්ඨාස සඳහා ලබා දී ඇති දුරකථන අංකයන් මෙසේය.

01. කොළඹ උතුර : 071-8598801, 02. කොළඹ දකුණ : 071-8598803, 03. කොළඹ මධ්‍යම : 071-8598804, 04. නුගේගොඩ : 071-8598805, 05. ගල්කිස්ස : 071-8598806, 06. ගම්පහ : 071-8598807, 07. මීගමුව : 071- 8598808, 08. කැලණිය : 071-8598809, 09. පානදුර : 071-8598810, 10. කළුතර : 071-8598811, 11.මාතර : 071-8598812, 12. තංගල්ල : 071-8598813, 13. ගාල්ල : 071-8598814, 14. ඇල්පිටිය : 071-8598815, 15. මහනුවර : 071-8598816, 16. මාතලේ : 071-8598817, 17. තෙල්දෙණිය : 071-8598818, 18. ගම්පොළ : 071-8598819, 19. නුවරඑළිය : 071-8598820, 20. හැටන් : 071-8598821, 21. කුරුණෑගල : 071-8598822, 22.කුලියාපිටිය : 071-8598823, 23.නිකවැරටිය :071-8598824, 24. පුත්තලම :071-8598825, 25. හලාවත : 071-8598826, 26. අනුරාධපුර : 071-8598827, 27. පොලොන්නරුව : 071-8598828, 28. කැබිතිගොල්ලෑව : 071-8598829, 29. රත්නපුරය : 071-8598830, 30. ඇඹිලිපිටිය : 071-8598831, 31. කෑගල්ල : 071-8598832, 32. සීතාවකපුර : 071-8598833, 33. යාපනය : 071-8598834, 34. කන්කසන්තුරය : 071-8598835, 35. වව්නියාව : 071-8598836, 36. මන්නාරම : 071-8598837, 37. කිලිනොච්චිය : 071-8598838, 38. මුලතිව් : 071-8598839, 39. මඩකලපුව : 071-8598840, 40. අම්පාර : 071-8598841, 41. ත්‍රිකුණාමලය : 071-8598842, 42. කන්තලේ : 071-8598843, 43. බදුල්ල : 071-8598844, 44. බණ්ඩාරවෙල : 071-8598845, 45. මොණරාගල : 071-8598846

එමෙන්ම ops.narcotics@police.gov.lk විද්‍යුත් ලිපිනයටද තොරතුරු ලබා දිය හැකිය

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division