41
ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමය හා පාලනාධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශන මාලාවේ උඳුවප් මස ධර්ම දේශනය දෙසැම්බර් මස 18 වැනිදා සඳුදා පෙරවරු 9.30 ට ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර ධර්ම දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ෙෂ්ඨ මහාචාර්ය, දර්ශනශුරී පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසිනි.
ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය දරනු ලබන්නේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණී ජයවර්ධන විසිනි. ඒ සිය මෑණියන් වන ප්‍රේමා කොඩිතුවක්කු අභාවප්‍රාප්ත වී වසර 36ක් පිරීම නිමිත්තෙනි.