Home » සෞන්දර්ය සරසවියේ සෙරමික් කලා ප්‍රදර්ශනය 18 දා

සෞන්දර්ය සරසවියේ සෙරමික් කලා ප්‍රදර්ශනය 18 දා

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ සෙරමික් කලා අධ්‍යයනාංශය පවත්වන සෙරමික් කලා නිර්මාණ ප්‍රදර්ශනයක් Smell Of Earth -2023 නමින් 18 දක්වා පැවැත්වේ.

සෙරමික් කලා විෂයට ඇලුම් කරන සෙරමික් කර්මාන්ත ශිල්පීන්, සම්ප්‍රදායික කුඹල් කර්මාන්තකරුවන්, උපාධි අපේක්ෂකයන්, සෙරමික් පිළිබඳ පර්යේෂකයන්, පාසල් දරු දැරියන් සහ සියලුම කලා ලෝලීන්හට සෙරමික් නිර්මාණකරණයෙහි ඇල්මක් ඇති කිරීම මෙහි අරමුණ වන අතර ප්‍රදර්ශනය, කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ ජේ.ඩි. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා විවෘතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division