Home » IMF දෙවැනි වාරිකය අද හෙටම

IMF දෙවැනි වාරිකය අද හෙටම

by Mahesh Lakehouse
December 9, 2023 12:35 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය මේ මාසයේදී ලැබෙනු ඇති බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි සිළුමිණට ඉකුත් දා පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඇමැතිවරයා පැවැසූයේ IMF දෙවැනි වාරිකය ලැබීම හරහා ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ යන බවට ලෝකයට පණිවිඩයක් ලැබෙන බවත්, මෙම ණය වාරිකය ලැබීමත් සමඟ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාවට මුදල් ලබාදීම ආරම්භ කරන බවත්ය. මේ හරහා භාණ්ඩාග­ාරයේ අය වැයට සහයෝගය ලබාදීමට එම මුදල් යොදවා ගත හැකි වන බවත්ය. මෙම ණය වාරිකය ලැබීමෙන් වෙළෙඳ පොළ ණය පොලී අනුපාත 10% -11% කට අඩු කරගත හැකි වුවහොත් නැවත වතාවක් ව්‍යාපාරිකයින්ට ණය ලබාගෙන මූල්‍ය පහසුකම් හරහා ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division