Home » සත්‍ය සහ සංහිඳියාව වෙනුවෙන් කොමිෂන් සභාවක්

සත්‍ය සහ සංහිඳියාව වෙනුවෙන් කොමිෂන් සභාවක්

කෙටුම්පතට අදාළ ජනතා අදහස් විමසීම ළඟදීම

by Mahesh Lakehouse
December 9, 2023 12:35 am 0 comment

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවනු ලබන අතර, මේ වන විට සකස් කෙරෙමින් පවතින එම කෙටුම්පතට අදාළ ජනතාවගෙන් අදහස් ලබා ගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

පශ්චාත් ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍ය තහවුරු කර ගැනීමට සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම මෙම කොමිෂන් සභාවේ අරමුණ වේ.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (CLRC) ඇතුළු ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධාන ප්‍රයත්නයට අදාළව පත් කර තිබූ පසුගිය කොමිෂන් සභා කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සමාලෝචනය කරමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හා රජය විසින් 2006 දී පිහිටුවන ලද සංහිඳියා යන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බළකාය විසින් සම්පාදනය කළ සොයා ගැනීම් ද මෙම කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගනු ඇත.

යෝජිත නව නීතිය බලාත්මක වන තෙක්, සත්‍ය සහ ප්‍රතිසන්ධාන යන්ත්‍රණය සඳහා අන්තවාර ලේකම් කාර්‌යාලය (ISTRM) නමින් ආයතනයක් පිහිටුවීමට ද රජය පියවර ගෙන ඇති අතර ඒ ඔස්සේ මෙම පරිවර්තනීය යන්ත්‍රණය හැඩගස්වා ගැනීමට සහ අවසානයේ තිරසර සාමයට සහ ජාතික සමගියට මඟ පාදා ගැනීමට උපකාරී වීමට අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් දැනට මහජනතාව සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් පවත්වයි.

මෙම කොමිෂන් සභාව කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතීව කටයුතු කරන බව සහතික කිරීම සඳහා රජය කැපවී සිටින බව ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division