Home » ලන්ච් ෂීට් තහනම මාස හයෙන්

ලන්ච් ෂීට් තහනම මාස හයෙන්

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින තැලේට් නම් පිළිකා කාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමටත් ඊට විකල්ප හඳුන්වාදීමටත් මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට මෙහිදී නිර්දේශ ලබා දී ඇත.

මීට අමතරව පරිසර පනත සංශෝධනයේදී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට විශේෂ කරුණු කිහිපයක්ම යෝජනා වී ඇත. ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත නිසි ලෙස එකතු කිරීම, ඒවා නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන්නාටම ලබා දීම, නව තාක්ෂණයෙන් QR කේත භාවිත කර විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා බෙදා හරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එකතු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ද මෙම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කෙරේ.·

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division