ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වනතෙක් අවසන්ව නොමැත. රජය රටවල් සමඟ සාකච්ඡා කරමින් මේ ගැටලුවට විසඳුම් සෙවීමේ භාරදූරකාර්තව්‍යයේ නිරත වෙමින් සිටියි. ඇතැම් රටවල් සහ පාර්ශ්ව සමඟ ණය ප්‍රතිව්‍යුගතකරණය තවමත් සාකච්ජා මට්ටමින් පවති. මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමේදී එහි එක් කොන්දේසියක් වූයේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි.
විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියා කිරීමට එළැඹුණ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම රටවල ආර්ථිකයන්වලට අදාළ පුරෝකථනයක් සිදු කරනු ලබයි. එම රටවල ඉදිරියේදී ආර්ථිකය වර්ධනය කරගෙන යා යුතු දිශානතිය පිළිබඳව ස්ථිරසාරභාවය ආර්ථික වර්ධනය සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යම් ආර්ථික පුරෝකථන ඉදිරිපත් කරනු ලබයි. මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් යම් පුරෝකථනයක් සිදු කර ඇති අවස්ථාවේ විදේශීය පෞද්ගලික ණය හිමියන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට Macro Linked Bonds (විචල්‍ය මත පදනම් වූ බැඳුම්කර) නමින් ණය ගෙවීම පිළිබඳ නව යෝජනාවක් ගෙන එනු ලබන්නේ මේ වටපිටාව තුළයි. එය MLB නමින් හැඳින්වුවත් ඇතැමුන් මෙය GDP BONDS CONTINGENCY FUND වශයෙන් ද හඳුන්වයි. දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ පහළ යාම අනුව ණය සඳහා අය කෙරෙන පොලිය තීරණය වීම Macro Linked Bonds මඟින් සිදු වෙයි. ලෝකයේ රටවල්වල විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙම ක්‍රමවේදය උපයෝගී කරගනු ලබයි.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙවලමක් ලෙස භාවිත කරන අතර ලෝකයේ MLB රටවල් වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදි භාවිත කරන මූල්‍ය උපකරණයක් ද වෙයි. ආර්ථිකමය වශයෙන් බංකොලොත් වූ විට ණය ගෙවීම පැහැර හැරීම සිදුවිය හැකියි.
බොහෝවිට මෙහිදී ඉදිරිපත් වෙන පුරෝකථනයන් සමඟ පුද්ගලික ණය හිමිකරුවන් එකඟතාවක් දැක්වීම අඩුයි. ජාත්‍යන්තර මූල්‍ය ණය මුදලින් පෙන්වනවාට වඩා ආර්ථික කාර්ය සාධනයක් මේ රටවල්වල ඇතිවේවි යැයි ඔවුන් උපකල්පනය කරනු ලබයි. ඒ අනුව විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඒ පොලී අනුපාත ගෙවීම මූලික වශයෙන් සිද්ධ කිරීම ආර්ථිකයේ කාර්ය සාධනය අනුව සිදුකිරීමට යෝජනා කෙරෙයි. කාර්ය සාධනය යහපත් නම් ඉහළ පොලී අනුපාතයක් ගෙවෙන ලෙසටත් කාර්ය සාධනය පහළ නම් පහළ පොලී අනුපාතයක් ලෙසටත් ආර්ථික කාර්ය සාධනය මත විචලනය වන ආකාරයට පොලී අනුපාතයන් වෙනස් වන ආකාරයට ණය ආපසු ගෙවා ගෙන යෑම සිදු කිරීම ඔවුන් කරනු ලබන මූලික යෝජනාව වෙයි.
ආර්ථික වර්ධනය ශීඝ්‍ර වන්නේ නම් යහපත් අතට පෙරළෙන්නේ නම් නැවත වරක් ඉහළ පොලී අනුපාතය යටතේ ණය ගෙවා ගෙන යෑම අනිවාර්ය වෙයි. MLB අර්ථයම වන්නේ ද සර්ව ආර්ථික කාර්ය සාධනය සමඟ ගැටගැසුණු ආකාරයට ඒ ණය සඳහා පොලී අනුපාත ඉහළ පහළ යන ආකාරයට ණය ආපසු ගෙවීම සිදු කිරීමයි.
ජාත්‍යන්තර ව මෙහි ක්‍රියාකාරිත්වය අනුව නම් දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ පහළ යාමට අනුව රජය විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් හෝ බැඳුම්කරවල පොලී අනුපාතිකය ඉහළ පහළ යාමක් සිදු වෙයි. දළ දේශීය නිෂ්පාදිතයට අමතර ව විනිමය අනුපාතිකය වැනි වෙනත් දර්ශකයක් මේ සඳහා පදනම කර ගැනීමට හැකිය. මුදලට අදාළ පොලිය තීරණය වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය අනුවය. කෙසේ වෙතත් මෙවැනි මූල්‍ය මෙවලමක් භාවිත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කිරීම වැදගත් වෙයි. මෙහි යම් වාසිසහගත තත්ත්වයක් තිබේ ද යන්න අප විසින් සොයා බැලිය යුතුය.
මේ ක්‍රමවේදයේ වාසිසහගත තත්ත්වයක් පිළිබඳව සඳහන් කළහොත් වෙළෙඳපොළ ණය ලබා ගැනීමට සාපේක්ෂව මේ ක්‍රමවේදයෙන් ණය ලබා ගැනීමෙන් කුමක් සිදු වන්නේ ද යන කරුණ මතයි. සාමාන්‍ය වෙළෙඳපොළ ණයක් ලබා ගැනීමේදී ඒ සඳහා පොලී අනුපාතිකය තීරණය වන්නේ ඉල්ලුම සැපැයුම් බලවේග අනුවයි. රටක දළ දේශීය නිෂ්පාදිතයේ පහළ යෑමක් හෝ ආදායමේ අඩුවීමක් නිසා ගෙවිය යුතු පොලියේ වෙනසක් සිදු නොවෙයි. එහෙත් MLB ක්‍රමවේදයේදී රටක යම් පසුබෑම් සිදුවන විට ගෙවිය යුතු පොලියේ අඩුවීමක් ද සිදු වෙයි. මෙය කිසියම් අාකාරයකට වාසිසහගත තත්ත්වයකි. ඉහළ ආර්ථික වර්ධනයකින් ද ඉහළ පොලියක් ගෙවීමට සිදු වෙයි. ආර්ථික අර්බුදයකදී හෝ පහළ ආර්ථික වර්ධනයක් ඇති තත්ත්වයකදී ණයකරුවාට සාමාන්‍ය වෙළෙඳපොළ ණය ලබා ගැනීමට වඩා මෙය වාසිදායක වෙයි. ඉහළ ආර්ථීක වර්ධනයකදී ඉහළ පොලියක් ගෙවීමට සිදුවීම නිසා ණය ලබා ගැනීමේ අඩු වීමක් සිදු විය හැකිය. මේ නිසා ණය බර අවම වෙයි. පහළ ආර්ථික වර්ධනයකදී අඩු පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා ගැනීම ඉහළ යාමෙන් ඒවා ආයෝජනය ක්‍රියාවලියට එකතු වේ නම් ආර්ථිකයක් වර්ධනයට එය පිටිවහලකි. ආර්ථිකයක් වර්ධනය වන විට ගෙවීමට සිදුවන පොලිය ඉහළ යෑමෙන් ද කිසියම් ආකාරයක ගැටලුසහගත තත්ත්වයකට මුණ දීමට සිදු වෙයි. කිසියම් ආර්ථිකයක ඍණ වර්ධන වේගයක් ඇති වෙමින් තිබියදී නැවත එය යථා තත්ත්වයට පත්වන කාල සීමාවේදී තාක්ෂණිකව වශයෙන් ආර්ථිකයේ වර්ධනයක් සිදුවිය හැකියි. මෙවැනි පරිසරයකදී ණය සඳහා ගෙවීමට සිදුවන පොළී අනුපාතකය ඉහළ බැවින් ආර්ථිකය යථාවත් වීම ප්‍රමාද විය හැකියි. එසේම දළ දේශීය නිෂ්පාදිතයේ තාක්ෂණික ක්‍රියවලියේ සිදු කරන වෙනස්කම් හේතුවෙන් ආර්ථික වර්ධනයේ වෙනස්කම් ඇතිවිය හැකියි. කෙසේ වුවත් මෙරට රජය MLB පිළිගනු ලැබුවහොත් පළමුවෙන් ම ණය හිමියන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණයවලින් කොටසක් දෙපාර්ශ්වයෙන් එකඟතාව මත කපා හැරිය හැකිය.
ඉතිරි වන මුදල වෙනුවෙන් MLB නිකුතුවක් කිරීමට අපේ රටට හැකියාව ඇත. විදෙස් ණය හිමියන් කණ්ඩායමක් විසින් කරන ලද යෝජනා අනුව ශ්‍රී ලංකාව කළ යුතු වන්නේ සියලු ණය හිමියන් සමඟ තවදුරටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඔවුන්ගේ යෝජනා පිළිබඳව අපේ රට අවධානය යොමු කර ණය මුදලින් කොටසක් කපා හැර ඉතිරි කොටස සාමාන්‍ය ක්‍රමයට ගෙවීමට එකඟ වීම හෝ දළ ජාතික නිෂ්පාදිතය අනුව බැඳුම්කර නිකුතුව වැනි එකඟතාවකට පැමිණිය හැකියි.
මෙහි ඇති බරපතළම ප්‍රශ්නය අපේ ණය බර පහළ යෑමක් සිදු වන්නේ ද යන කරුණ පැහැදිලි කිරීම අපහසු වෙයි. ආර්ථික කාර්ය සාධනය ඉහළ ගිය විට රටක් ලෙස අපිට ඉහළ ණය බරක් ඇති වෙයි. පහළ ගිය විට ණය බර පහළ යයි.
ණය අඩු වූ පසු අඛණ්ඩව ක්‍රමානුකුලව ගෙවාගෙන යෑමට හැකියාව ලැබෙයි. අමතරව ඇතිවෙන ආර්ථික කාර්ය සාධනයෙන් විශේෂයෙන්ම යෝජනාවලට මුදල් යොදවීමට හැකි වෙයි. රටක ආර්ථිකයක මුදල් යොදවීමට අවශ්‍ය අංශ වෙයි. විශේෂයෙන් ආයෝජනවලට මුදල් හා අනෙකුත් අංශවලට යෙදවිය යුතු වෙයි.
මේ කටයුතුවලට යොදවන්න හැකි වන ආකාරයට ඉතිරියක් සිදු වන්නේ මේ ආර්ථිකය තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී අපි අපේක්ෂා කළ ආකාරයට පහළට ණය කපා ගැනීමට හැකි වුවහොත් පමණි. අපේ ආර්ථික කාර්ය සාධනය යහපත් වූ විට ඉතිරියක් සිදු නොවෙයි. ඉහළින් ආර්ථිකය වර්ධනය වුවත් ඉතිරියක් සිදු නොවෙයි. ණය බර තිරසරව පහත දැමීමක් සිදු වෙන්නේ නොවෙයි. මේ රටේ පවතින අර්බුදය එයයි. ණය බර වැඩිවීමක් වෙනුවට ණය බර ඉහළ පහළ යාමක් සිදු වෙයි.
මීට පෙර කාලසීමාවන්වලදී ණය බංකොළොත් වූ රටවල ණය බර පහත හෙලිමක් සිදු වෙයි. ණය බර 20% වැනි ප්‍රමාණයකින් කපා හැරෙයි. අපේ රට මේ Macro Linked Bonds සඳහා යොමු වුවහොත් තිරසරව ලංකාවට ණය පහත හෙළිය හැකි ද යන කරුණ ගැන ගැටලුව මූලිකව මතු වෙයි. දෙවැනි ප්‍රශ්නය නම් පසුගිය කාල සීමාව තුළ මෙවැනි බැඳුම්කර නිකුත් කර පෞද්ගලික ණය හිමිකරුවන්ට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී නව Macro Linked Bonds නිකුත් කර ඉදිරියට යෑම ඇතැම් රටවල දුෂ්කර වී ඇත. ආර්ජන්ටිනාව වැනි රටවලට එවැනි ගැටලු මතු විය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයකදී ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම්වලදී සහ අනෙකුත් දර්ශකයන්වල ලංකාව යම් තැන්වලට අදාළ වැඩි දියුණු කර ගැනීම මෙරටේ අපේක්ෂාවයි. එනම් මෙරටේ සංචිත හොඳ තැනකට ගෙන ඒම ලංකාවේ ආර්ථිකය හොඳ තිරසර ප්‍රතිරූපයක් ලබා දීම වැනි දේවල් අපේක්ෂා කෙරෙයි.
මෙවැනි Bonds නිකුත් කිරීමේදී එයට ආයෝජකයන් යම් මැළීකමක් දක්වයි. ශ්‍රේණිගත කරන ආයතතන වුවත් යම් මැළීකමක් දක්වයි. ලංකාවට හොඳ තක්සේරුවක් ලබාදීම වෙනුවට බෙල්ලට උඩින් තොණ්ඩුවක් වැටීම වැනි දෙයක් මෙමඟින් සිදු විය හැකියි. තිරසරව මේ අර්බුදයෙන් ගොඩ ඒමට තියෙන අවස්ථාව ඇත්තටම සීමා කිරීමක් මෙවැනි ක්‍රියාමාර්ග හරහා සිදුවිය හැකියි.
එක් පැත්තකින් අපි මේ හරහා අවිනිශ්චිත භාවයක් සහ අනෙක් පැත්තෙන් මෙරටේ ණය බර තිරසාරව පහත හෙළීමක් සිදු නොවෙයි. ණය ශ්‍රේණිගත කිරීම්වලින් තිරසරව එළියට නොඑයි. කෙසේ වුවත් මේ යෝජනාවට ලංකා රජය අකමැත්ත පළ කර තිබීම සාධනීය තත්ත්වයකි. මක් නිසාදයත් මේ සමඟ නව සංකීර්ණ නීතිමය තත්ත්වයන්ට මෙරටට මුහුණදීමට සිදුවිය හැකි කරුණකි. ලංකාව වැනි රටකට මෙවැනි සංකීර්ණ ක්‍රියාවලියකදී දරන්න වන පිරිවැය දැරීමට හැකි වෙතැයි විශ්වාස කළ නොහැකිය.
මේ වැනි සංකිර්ණ Macro Linked Bonds නොපුරුදු සහ නොදන්නා ප්‍රදේශයකට ඇතුළත් වීමක් වැනිය. ලෝක මූල්‍ය පරිසරයක එය ඉතාමත් සංකීර්ණ සහ මිල අධික කටයුත්තක් වනු නොඅනුමානයි. ද්විපාර්ශ්වීය මූලාශ්‍රවලින් ඉතා අඩු පොලියට ණය ගෙන ඇත. පෞද්ගලික ණය හිමිකරුවන්ගෙන් ලබාගත් ණය පොලිය 5% හො 6% පමණ වෙයි. මේ පෞද්ගලික ණය හිමිකරුවන්ගෙන් 30%ක් වත් ණය කපා හැරීමක් ලබා ගැනීම අවශ්‍යයයි. පසුව පොලිය පහත හෙළීම අනිවාර්යෙන්ම ලබාගත යුතුයි. එසේ නොවුණහොත් ඉදිරි වසර 7කින් පමණ නැවත මේ රට බංකොලොත්භාවයට පත්විය හැකියි. එය වැළැක්විය නොහැකියි.
ඒ සඳහා ඇති අවදානම වැඩියි. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් සැලකිලිමත් විය යුතුයි. මක්නිසාද යත් රට නැවත වතාවක් බංකොලොත් වීම වැළැක්වීම රටේ සංවර්ධනය යන සියලු අංශ කෙරෙහි බලපානු ලබයි. ණය ගෙවීමට පමණක් අපි අතට එන මුදල ණය නොයෙදවිය යුතුයි.
ආයෝජනය කිරීමට මුදලක් ඉතිරි නොවෙයි. එහෙත් විය යුත්තේ රටේ ආයෝජන වැඩි කිරීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හොඳ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රට සංවර්ධනය කරා යොමු කිරීම අත්‍යවශ්‍ය වෙයි.
සුභද්‍රා දේශප්‍රිය