Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

සිහෙළ සඳැ­ස්ක­ර­ණ­යෙහි පුන­රා­ග­ම­නය සාරාර්ථී

කෘතිය – සාරාර්ථී
කර්තෘ – අස්ගි­රියේ මහේන් සූරි හෙවත්
මහේන්ද්‍ර සූරි­ය­ආ­රච්චි
ප්‍රකා­ශ­නය – කවි­වර ප්‍රකා­ශන
මිල – රු 400 / පිටු – 96
දුර­ක­ත­නය – 077 3639336

කවි රස ජනන නම් පළමු සඳැස් කාව්‍ය නිර්මා­ණ­යෙන් ආර­ම්භ­යක් ගෙන­දුන් මහේන් සූරිගේ නව­තම කාව්‍ය නිර්මා­ණය වන්නේ සාරාර්ථී යි. කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ අත්දැ­කීම් ඇත්තෙකු වුවද ඔහු සඳැස් කාව්‍ය සම්ප්‍ර­දාය පිළි­බඳ හැඟී­මක් මෙන්ම දැනී­මක්ද ඇත්තෙකි. ඔහුගේ කාව්‍ය ආකෘති හරහා නැවුම් සංකල්ප ඉදි­රි­පත් කරයි. එසේම කොළඹ යුගයේ ප්‍රච­ලිත කවීන්ගේ ආභා­සය ඔහුගේ කෘති තුළින් දිස්වෙයි. විවිධ මාතෘකා 52ක් යටතේ ඔහුගේ මෙම කාව්‍ය නිර්මාණ සර­ලව හා අත්දැ­කීම් අනු­සා­ර­යෙන් ඉදි­රි­පත් කර­න්නට කර්තෘ සමත් වී ඇත.


සොබා­දම් ගොවි පලදා

කෘතිය – සොබා­දම් ගොවි පලදා
කර්තෘ – අස්ගි­රියේ මහේන් සූරි හෙවත්
මහේන්ද්‍ර සූරි­ය­ආ­රච්චි
ප්‍රකා­ශ­නය – කවි­වර ප්‍රකා­ශන
මිල – රු 800 / පිටු – 168
දුර­ක­ත­නය – 077 3639336

කර්තෘගේ තවත් කාති­යක් වන්නේ සොබා­දම් ගොවි පලදා ය. මෙම කෘතිය හරහා ගොවි­තැනේ මුලික සිද්ධාන්ත ඉදි­රි­පත් කිරී­මට කර්තෘ උත්සහ නොක­ළද කළ­ම­නා­ක­ර­ණයේ හසල දැනු­මත් ඇති කර්තෘ විසින් සිය වසර 10කට අධික අත්දැ­කීම් ආශ්‍රය කර­ග­මි­නින් මෙම කෘතිය රචනා කර ඇත. යටත් විජිත කාලය පුරාම රට ගොවි­තැ­නින් ස්වයං පෝෂි­තව පැවැ­තීම, අද වන විට ඒ තත්ත්වය වෙනස් වීම, ගොවි­තැ­නේදී එදා යොදා­ගත් සුබ මුහුර්ත, ගොවි­තැ­නට කාල නීර්ණය කිරීම, විවිධ සුබ අසුබ ලකුණු මෙන්ම අව­සා­නයේ අපට වැදුණු තැන් ආදිය ඇතු­ළත් මෙම ග්‍රන්ථය පර්යේ­ෂණ සඳහා නියැ­‍ෙළ­න්න­ට ද මාහැඟි කෘති­යකි.


කටු පඳුරේ පිපුණු මිනිසා

කෘතිය – කටු පඳුරේ පිපුණු මිනිසා
(ආනන්ද කුමාර චරි­තා­ප­දා­නය)
කර්තෘ – දෙන­ගම සිරි­ව­ර්ධන
ප්‍රකා­ශ­නය – සී/ ස ඇස්. ගොඩගේ සහ සහෝ­ද­රයෝ
මිල – රු 950 / පිටු – 200
දුර­ක­ත­නය – 071 8096732, 011 2841302

අප රටේ නිවැ­රදි දේශ­පා­ලන දැක්මක් සහ සමාජ විඥා­න­යක් ඇති කිරීම උදෙසා ආනන්ද කුමා­ර­ගෙන් ඉටුවූ සේවාව ඉක්මවා යා හැකි කෙනෙකු සොයා ගැනීම දුෂ්කර බව කර්තෘ දෙන­ගම සිරි­ව­ර්ධන පව­ස­න්නේය. පසු­ගිය සිය­වස තුළ සමා­ජ­වාදි චින්ත­නය ජන­තාව තුළ පැති­ර­වීම සඳහා පෑන යෙදවූ ලේඛ­ක­යින් කිහිප දෙනෙක් අත­රින් ප්‍රමු­ඛ­යකු වන්නේ ආනන්ද කුමා­රය. මේ නිසා ඔහුගේ ජීවිත කතාව අධ්‍ය­නය කිරීම නව පර­පු­රට වැද­ගත් වන්නකි. කර්තෘ පව­සන්නේ මෙය අනා­ගත පර­පු­රට වැද­ගත් මානව සම්ප­ත්ව­ලින් ගම්‍ය වූ කරුණු ඇතු­ළත් කෘති­යක් බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division