Home » හඳ­පාන

හඳ­පාන

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

ඇවිද යන නිමේ­ෂයේ
මා සමඟ ගමනෙ යන
නතර වන ඇසිල්ලේ
අත නෑර
තනි රකින
ළඟ නැතත්
දුරින් හිඳ
සෙමින් හද පිරි­ම­දින…
කටු ඇනෙන
පටු අඳුරු
දිවි මඟට
එළිය දෙන…
නුඹ සමයි
ඇත්ත­මයි
පුර පෝය
හඳ­පාන….

සමාලි දිනේත්‍රා


සමු­ගන්නේ කෙලෙ­සද?

ගෙවුණා තෙම­සක් වෙන්වී මගෙන් සද­හ­ටම
යළි ඉතින් කාව අම­ත­න්න ද ආද­රෙන්
සිහිවේ එදා එක්වූ හැටි බාධක බිඳ තිර පෙමෙන්
පනස් වස­කට වැඩි අපේ අතී­තය කෙසේ අම­තක කර­න්නද?
උගත් අත්කම් කලා­වම බෙදා දුන්නේ නොම­සු­රුව
නිර­තු­රුව කාන්තා පත්තර පුරා ලිපි සර­ස­මින්
සිප්ස­කර කියා දුන්නා දරු කැල­කට ආද­රෙන්
අනේ ඒ මිහිරි කට­හඬ නැවතී ගියා හෙමි­හිට
ඉපදි යළි යළිත් වේදනා විඳින මේ සසරේ
කෙළ­වර දැක ගන්න පතමු එක සිතින්
නිතර සිහි­කර මා දෙන පින් අනු­මෝ­දන් වී
සුග­ති­යක උප­දීවා චතුරා දහම අව­බෝ­ධව
අමා මහ නිව­නින් සැන­සේවා!

එඩ්වඩ් රූප­සිංහ


බෝවන රෝග­යකි බල­යට කියන මුසා

කල දුටු කලට සැර­සෙන වළ ඉහි­න්නට
මොළ පටු දේශ­පා­ලන පර පුටුන් හට
බල කොටු තමන් වෙනු­වෙන් ගොඩ නඟ­න්නට
නිල පුටු මිසක බැහැ රට ගැන හිත­න්නට
ඇර­යුම් කළත් “එක්වෙමු” රට රකි­න්නට
උර­දුන් කෙනෙක් නැත තව­මත් දකි­න්නට
සැර­හුම් පුටුව වෙත පිය­මන් කර­න්නට
ගැර­හු­ම්ව­ලින් නැත අඩු­වක් උනුන් හට
ජීවන විය­දම ද බදු බර නහය වසා
පාවෙන බව පෙනේ ගුවනේ අඳුරු දසා
නෑවෙන මගක් කිසි­වෙකු ළඟ කිසිම ලෙසා
බෝ වෙන රෝග­යකි බල­යට කියන මුසා

චන්ද්‍ර බණ්ඩාර ජය­සිංහ


එදා සහ මෙදා

දණ ගා, බඩ ගා, වැටි වැටී පියමැන අත්වැල වූ,
දෙගු­රුන් සෙනෙ­හස විඳි
උර මත රැඳි දව­සෙත් මත­කයි උන්ටම දී බැරි බර,
සෙනෙ­හස කර පුද
දෙපා වෙහෙස සත­පන මෙව­ලම් ළඟ පරි­ස­ර­යත්,
විර­සක වී ඇති සඳ
ගුවන් යානයේ සෙව­ණැලි රැඳුණා ආ ගිය පා,
සට­හ­න්වල රූ මැද
පහසු මං සොයන හැම දෙය­කම අව­සන වෙයි,
නාඳු­නනා ලෙඩ­කට මුල
අලස වී ගිහින් පංච­ස්ක­න්දය දිව පින­වයි හැම,
රස මස­වුළු වල
වෙහෙස නිව­න්නට ගත්ත ද අප­මණ වෙහෙ­සක්, පැල්,
බැඳ ඇති වෙහෙ­සට නිල
කුම­ටද නිල් දිය­වර ළිං සපි­රුණු ඇත අද,
බෝතල් වතුර පිරිත් කළ

දයා ඩී. වන්නි­නා­යක


රිය අන­තුරු වළ­කිමු

තම ජීවි­තය මෙන් අන් ජීවි­ත ද ගැන
සිතු­වොත් බොහෝ විට දුරු­වෙයි පාරෙ වින
“කහ ඉර” පවා අම­තක කර ඇතැම් දෙන
ඉගි­ලෙන අයුරු කම්ප­න­යකි සිතට එන
“රිය­දුරු” දෑත මත සැම ජීවිත ඇත්තේ
මොහො­තක් වැර­දු­නොත් ලොකු විප­තකි වන්නේ
අද වැනි කලෙක මහ මඟ කඳු­ළකි ඇත්තේ
ජීවිත මොහො­ත­කින් සඳ­හට සමු ගන්නේ
අප­මෙණ මිනිස් ජීවි­ත­වල වග­කී­මක්
සැම විට ගත යුතු සුක්කා­නමේ දෑතක්
සතෙ­කුට පවා නොක­රම කිසි හිරි­හැ­ර­යක්
රිය පැද­වු­වොත් වැළ­කෙයි මහ මඟ විප­තක්

වයි. ඇම්. හරි­ස්චන්ද්‍ර බණ්ඩාර


දුවේ මං නුඹෙ අප්පච්චි

මවු නොසි­ටියා නුඹ වැඩෙනා ඉස­ව්වක
ඈ සිහි වෙනවා නුඹ නාමෙන් හැම­දාක
මගෙ රන් මැණික මගේ දෝතට වැඩි රෑක
මගෙ දිවි ගෙවුණේ නුඹෙ නම­ටයි හැම­දාක
ඉල්ලන කාසි නොප­මා­වට සරි කෙරුවා
වේලක් කකා වේලක් කළ හිස් කෙරුවා
වෙන­දට නුඹේ රුව මගෙ සිත සැන­සෙව්වා
අද පෙර­මන් බලයි නුඹෙ රුව සිත් අන්දා
කාසි නොඉල්ලා වස­රක් ගත වෙද්දී
නුඹේ හඬත් සුසු­මක තැවරී යද්දී
නුඹේ මුහුණ දැක ගන්නට ගොඩ වෙද්දී
නන්නාඳුනන මුහු­ණක සේයා ඇන්දී
කාරි නෑ දුවේ මං නුඹෙ අප්පච්චි

දිල්හානි වාසනා ජය­රත්න


යළි එන්න

ඔය උර­හි­සට වාරුව
ගැහෙන පපුවේ රිද්ම­යට
දොඩ­මළු වුණි මම
නුබට නොදැ­නීම…
හද­වතේ ගැහෙන සුසු­මින්
සැන­සු­නිමි මම හෙමින් සීරුවේ
නුබට නොදැ­නීම …
හීනි­යට ගැසු පිල්ල­මක් යට
සෙව්වෙමි මම ආද­ර­යක්
නුබට නොදැ­නීම …
නළල සිප­ගත් හාදු­වෙන්.
සැනසී ගියේමි මම
නුබට නොදැ­නීම…
යළි වඩින්න සෙනෙ­හ­සින්
තුරුලු වී සැන­සෙන්න
නුඹට නොදැ­නීම…
සුසු­මක් වී ළඟ ඉන්න
නෙත් මායි­මේම දැව­ටෙන්න
ආද­ර­යෙන්ම ඉති­රෙන්න
සුවෙන් ඔබ සැන­සෙන්න…

නය­නා­න්ජලි


වඳිමු සඳ­ගිරි සෑ වෙහෙර

තේවා හඬ ඇසේ මාළි­ගයේ නුවර
සඳ රැස් වැටී දිලි­සෙ­නවා ගිරි ශිඛර
හන්තා­නෙන් ගල­නවා සුන්දර දිය දහර
අපිත් වඳිමි සඳ ගිරි සෑ මහ වෙහෙර

නිහාල් රංජිත් පති­රණ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division