Home » දුම්රිය රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ගැන පුළුල් විමර්ශනයක්

දුම්රිය රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ගැන පුළුල් විමර්ශනයක්

by Mahesh Lakehouse
December 2, 2023 12:32 am 0 comment
වජිර ලියනගේ

කොළඹ කොටුවේ සිට පාණදුර දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රක්ෂිතයන්හි ඉදිකර ඇති විවිධ ගොඩනැඟිලි, ව්‍යාපාර පරිශ්‍ර හා නිවාස පිළිබඳ පුළුල් සංගණනයක් මේ වන විට අරඹා ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දුම්රිය බලධාරීන්ට ඉදිරි දෙසතියක කාලයක් තුළ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නියෝග කර තිබේ. එමෙන්ම ඉදිරි මාසයක කාලය ඇතුළත උතුරු නැඟෙනහිර ඇතුළු රටේ සියලුම ප්‍රදේශවල දුම්රිය රක්ෂිත මිනුම් කටයුතු සිදු කිරීමට නවීන තාක්ෂණය සහිත නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද ඇමැතිවරයා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියෝග කර ඇත.

මෙවර අයවැය යෝජනා මඟින් දුම්රිය සේවය සතු ඉඩම් ඵලදායී ලෙස ආදායම් ඉපදවීමට අදාළව දුම්රිය ඉඩම් කළමනාකරණය කළ යුතු බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සතිපතා කාර්ය මණ්ඩල රැස්වීමේදී නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව අය වැය යෝජනාවල සඳහන් වන ‘ස්ටේෂන් ප්ලාසා ව්‍යාපෘතිය‘ යටතේ දුම්රිය ස්ථාන ආසන්න ප්‍රදේශ තුළ මහල් නිවාස සංකීර්ණ, හෝටල් සංකීර්ණ හා වෙනත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශීය හා විදේශීය පෞද්ගලික අංශයන්ගෙන් යෝජනා කැඳවීමටද තීරණය කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division