Home » පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් ලබන වසරේ ඇරැඹේ

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් ලබන වසරේ ඇරැඹේ

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හයක් ලබන වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් කොප් 28 සමුළුවට ඩුබායි බලා යාමට පෙර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ සාකච්ඡා කොට අදාළ ව්‍යාපෘති අධීක්ෂණයට ලක් කර තිබේ.

අදාළ නිලධාරීන් කැඳවා එම ව්‍යාපෘති ආරම්භ කිරීමට පවතින සියලු ගැටලුවලට විසදුම් ලබාදීමට ඉකුත් සතියේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් කටයුතු කර තිබුණි.

මේ අනුව මෙගාවොට් 1500කට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හයක් මෙරට ස්ථාපිත කෙරෙනු ඇත.

පළමු පුනර්ජනනීය ව්‍යාපෘතිය ලෙස මෙගා වොට් 700 ක පාවෙන සෝලා විදුලි පැනල ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට නියමිතය.

ඉදිරි මාස 12- 24 ඇතුළත මේ සියලු ව්‍යාපෘති අවසන් කිරීමට නියමිත බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වූ පසුව ලංකාවේ විදුලි බිල විශාල ප්‍රතිශතයකින් අඩු කිරීමට හැකියාව ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division