Home » ‘එක්ස්පෝ මේලා‘ ප්‍රදර්ශනය දෙසැ. 7 සිට කටුනායකදී

‘එක්ස්පෝ මේලා‘ ප්‍රදර්ශනය දෙසැ. 7 සිට කටුනායකදී

by Mahesh Lakehouse
December 2, 2023 12:29 am 0 comment

නිදහස් ආයෝජන කලාපයේ නිෂ්පාදකයන්ගේ සංගමය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහාය ඇතිව පවත්වනු ලබන BOI – FTZMA ‘එක්ස්පෝ මේලා‘ මහා ප්‍රදර්ශනය කටුනායක කැනඩා මිත්‍රත්ව මාවතේ පාක් ඇන්ඩ් ඩ්‍රයිඩ් පරිශ්‍රයේදී දෙසැම්බර් 7 වනදා සිට 17 දක්වා පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් දෙසැම්බර් 7 දා විවෘත කරන එක්ස්පෝ මේලා ප්‍රදර්ශනය පැවැත්වෙන දින 11ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා මහජනතාවට විවෘතය.

මෙම ප්‍රදර්ශනයේදී ඇඟලුම්, පාවහන්, කෘත්‍රීම මල් කල්පවත්වා ගත හැකි ආහාර ද්‍රව්‍ය මෙන්ම තේ, පොල්, රබර් යන නිෂ්පාදන ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද නිෂ්පාදන ඇතුළු විවිධ ආයිත්තම් 100කට අධික සංඛ්‍යාවක් සහන මිලට ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division