Home » වන්නියේ අඩු ආදායම්ලාභීන්ට පොල් පැළ ලක්ෂයක්

වන්නියේ අඩු ආදායම්ලාභීන්ට පොල් පැළ ලක්ෂයක්

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාරගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (වන්නි) බල ප්‍රදේශය ආවරණය වන පරිදි අනුරාධපුර, වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රික්කවල ඉඩම් හිමි අඩු ආදායම් ලාභී පවුල් සඳහා පොල් පැළ 100,000ක් බෙදා හැරීම පසුගියදා ආරම්භ කරනු ලදි.

මෙම වැඩසටහන මඟින් මේ වන විට පොල් පැළ 25,000ක ප්‍රමාණයක් බෙදා දී ඇති අතර . ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකි අයවළුන් වෙත පහසුකම් සැලසීම පිණිස පොල් පැළ බෙදා හැරීමේ ජංගම සේවයක් ද අදාළ දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කර ඇත. මෙම ජංගම සේවය මඟින් දැනට මන්නාරම් දිස්ත්‍රික්කය තුළ තල්අඩි, පෙරියමඩු, කොණ්ඩච්චි, සිලාවතුර, විකුම්පුර ආදි ප්‍රදේශයන්වල ද වව්නියාව දිස්ත්‍රික්කය තුළ මරතොඩේ, රබවේටිටි, කොක්එලිය, පාලිනගර්, අම්බාර්කුලම් හා නේරම්කණ්ඩාල් යන ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් සපයමින් ඔවුන්ගේ වගා ඉඩම් වෙත පොල් පැළ ලබාදීම සිදු කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division