Home » සිිරි රණසිංහ ඇගැයුම් උලෙළ දෙසැම්බර් 20 වැනිදා

සිිරි රණසිංහ ඇගැයුම් උලෙළ දෙසැම්බර් 20 වැනිදා

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය පත්‍ර කලා ඉතිහාසයේ පුරා 33 වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වයේ දැරූ එකම පත්‍ර කලාවේදියා වන ප්‍රවීණ මාධ්‍යවේදී සිරි රණසිංහයන්පි ළිබඳ ඇගැයුම් උලෙළක් ‘සිරි අසිරි’ නමින් දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන්

පැවැත්වෙන මේ උලෙළේදී

අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහ නාහිමි පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද නාහිමි, විශ්‍රාම ලත් විදුහල්පති දෙයියන්දර අමර ගුණසේකර, ප්‍රවීණ මාධ්‍යවේදී

තිලකරත්න කුරුවිට බණ්ඩාර, රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර ආදීන් දෙසුම් පවත්වනු ලබයි. උත්සව සභාව මෙහෙය වනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි විසිනි. රංග ලීලා – රංගික ජීවන්ත ප්‍රමුඛ ‘ රිවේගා’ රංගායතනයෙනි.

සිරි රණසිංහ මිත්‍ර සමාජය සංවිධානය කරන ‘ සිරි අසිරි” පිළිබඳ වැඩි විස්තර ලාලිත්‍ර 077-5722490 අංකයෙන් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division