Home » ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය එළි දැක්වීම දෙසැම්බර් 6 දා

ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය එළි දැක්වීම දෙසැම්බර් 6 දා

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහගේ දිවියේ රසාලිප්ත තොරතුරු ඇතුළත් මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමේස්ත්‍රීගේ රචිත ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඇපාසිංහ’ කෘතිය ජනගත කිරීම දෙසැම්බර් 06 සවස 3.00 කොළඹ නාලන්දා විදුහලේ මලලසේකර ශාලාවේ පැවැත්වේ.

නලන්දා විදුහල්පති එරාන් චම්පික සිල්වාගේ උපදෙස් පරිදි කළමනාකාර කමිටුව සහ ආදි නාලන්දීය ක්‍රිකට් සංගමය මෙම උත්සවය සංවිධානය කරයි.

ප්‍රේමසර ඈපාසිංහ නාලන්දාවේ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන් ම ගුරුවරයකු හා ක්‍රිකට් භාර ආචාර්යවරයකු ලෙසත් නාලන්දීය ඉතිහාසය බැබළ වූවෙකි. මේ ග්‍රන්ථයෙන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක භූමිකාවේ මෙන්ම දිවිසැරියේ ද රසාලිප්ත මතක සටහන් ආවර්ජනයක් සිදු කෙරී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division