Home » ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වැනි සංවත්සරය දෙසැම්බර් 09 වැනිදා

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වැනි සංවත්සරය දෙසැම්බර් 09 වැනිදා

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වැනි සංවත්සරය රාජගිරිය බැංකු විදු පියසේදී දෙසැම්බර් 09 වැනිදා පස්වරු 2. 00ට අභිමානවත් අයුරෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සංඛ්‍යාංක යුගයේ පුවත්පත් කලාව තේමාත්මක කරගනිමින් සංවිධානය කර ඇති මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය දිනේෂ් සමරසිංහ විසිනි. මෙහිදී මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව ඩිප්ලෝමා පාඨමාලාවේ 10 වැනි කණ්ඩායමේ ඩිප්ලෝමාධාරීන්ගේ සහතිකපත් ප්‍රදානය සහ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල පිරිනැමීමටත්, මාධ්‍ය සමීක්ෂා -5 ග්‍රන්ථය එළි දැක්වීමටත් නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division