Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

වෘද්ධ විද්‍යාව ආශ්‍රිත විවරණයක් වූ මහලුවීමේ කතාව

කෘතිය – ‘ මහලු වීමේ කතාව ‘ වෘද්ධ විද්‍යාව
(Gerontology) ආශ්‍රිත විවරණයකි.
කර්තෘ – ශාස්ත්‍රපති වලතර සෝභිත අනුනාහිමි
ප්‍රකාශනය – සමයවර්ධන පොත්හල
මිල – රු 300 – පිටු – 110
දුරකතනය – 077 1616801, 091 2222465

බෞද්ධාගමික ග්‍රන්ථ රැසක් රචනා කර ඇති කර්තෘගේ නවතම කෘතිය ‘ මහලු වීමේ කතාව ‘යි. මෙය වෘද්ධ විද්‍යාව තේමාකර ගනිමින් ලියැවුණු ග්‍රන්ථයක් වන අතර, නුතන ලෝකයේ වැඩි අවධානයක් යොමුව ඇති මහලු වීමේ යථාර්ථය විවරණය කිරීමකි. මෙහිදි කතුවරයා විසින් සමාජ හා මනෝ විද්‍යාව පාදක කරගනිමින් බුදු දහමේ මූලික ඉගැන්වීම් ද පදනම් කරගනිමින් වියපත් වීම පිළිබඳ මනා විවරණයක් කරයි. මිනිස් ජිවිතය අත්විඳින සියලු දෙනා කියවිය යුතු අගනා කෘතියකි.


කර්මය ලුහු බැඳීම

කෘතිය – කර්මය ලුහු බැඳීම ( කෙටි කතා)
කර්තෘ – සමන්මල් බණ්ඩාර
ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි
මිල – රු 450 – පිටු – 90
දුරකතනය – 076 8446725, 070 5503000

විවිධ ඉසවු හරහා නවකතා, ළමා කතා මෙන්ම විවිධ පර්යේෂණ ග්‍රන්ථ ලියූ සමන්මල් බණ්ඩාරගේ අලුත්ම කෘතිය වන්නේ කර්මය ලුහු බැඳීම (කෙටි කතා) සංග්‍රහයයි. සමාජයේ විවිධ තරාතිරම්වල මිනිසුන් සතු දුර්වලකම්, වැරදි අඩුපාඩු මෙන්ම ජඩකම් නිර්දය ලෙස විවේචනාත්මකව ගෙනහැර දැක්වීමත්, අනික් පසින් මිනිසුන් තුළ තිබෙන යහපත් ගති ලක්ෂණ ගෙනහැර දැක්වීමත් මෙම කෙටි කතා සංග්‍රහය පුරාවටම දිස්වෙයි. සජීවි භාෂා හැසිරීම හරහා කියවන්නාට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි කෙටි කතා 8 කින් යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division