Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

කැනඩාවේ ඉහළින් පිළිගත් ආයතනයක කැනඩා PR සහිතව IT ඉංජිනේරු තනතුරක් දරයි. (මෑතකදී සංක්‍රමණයවී ඇත) ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු උපාධි හා Masters /​ IT සුදුසුකම් ලබා ඇත. රූමත් හා කරුණාවන්ත වන අතර වැදගත් පවුල් පසුබිමකින් යුක්තය. 1989/​3,​ බො/​ගො,​ 5′ 3″ දෙමාපියන් තම දියණියට යහපත් ගතිගුණ හා සෞඛ්‍ය සම්පන්න පවුල් පසුබිමකින් යුත් සහකරුවකු සොයනු ලබයි. වටිනා වත්කම් හිමිය. විදෙස්ගත එකම සොහොයුරිය හා දෙමාපියන් ජ්‍යෙෂ්ඨ තනතුරු දරති. කැනඩාවෙන් වූ යෝජනා වඩාත් යෝග්‍ය වන නමුත්,​ එයටම සීමා නොවේ. අමතන්න. 0112849850,​ 0776641210,​ h​g​a​m​a​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m​
B209715

බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 2″ සිහින් සිරුරැති කඩවසම් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධි ලැබූ නැව් සමාගමක සේවයේ නියුතු මානව සම්පත් ප්‍රධානි ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට මනා ගති පැවතුම් අැති,​ වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල : p​p​e​r​e​r​a​7​1​3​@​g​m​a​i​l​.​c​o​m​
B209835

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද,​ උස 5′ 1″ ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලාවක MBBS වෛද්‍යවරියක ලෙස සේවය කරන විදේශ ගතවීමට කැමති කුජ 7 දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. h​d​c​h​a​n​d​r​a​7​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B209978

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 4″ රූමත්,​ තලෙළු විශේෂඥ වෛද්‍යවරියක වන එංගලන්තයේ සේවය කරන ද්විත්ව පුරවැසි වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. s​r​m​a​n​g​a​l​a​3​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B209947

මාගේ සිංහල බෞද්ධ ලේලිය මා සමග ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. ඇය 1990 උපත ලබා ඇති අතර,​ උස 5′ 3” කි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් B. Com උපාධිය CIMA හා ඕස්ට්‍රේලියාවේදී මාස්ටර්ස් උපාධිය ලබා ඇත. අප සොයනුයේ දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති පුතෙකි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල d​a​m​a​y​a​n​t​h​i​w​a​l​i​0​8​@​g​m​a​i​l​.​c​o​m​,​wup 0493360628
B209806

සිංහල බොදු ගොවි මෙල්බර්න් නුවර වාසය කරන ද්විත්ව පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ 2000 වසරේදී උපත ලද,​ උස 5′ 4″ වන සිහින් සිරුරැති රූමත්,​ උපාධිධාරි ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන දියණියට උගත් කරුණාවන්ත,​ සැලකිලිමත් පුතකු සොයයි. p​r​o​p​.​a​u​s​@​y​a​h​o​o​.​c​o​m​
B209825

සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද ඇ.එ.ජ. විදුලි ඉංජිනේරු PhD උපාධිය හදාරණ කරුණාවන්ත මනා ගති පැවතුම් ඇති උගත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. ඇය දෙසැම්බර් මස ලංකාවට පැමිණීමට නියමිතය. විද්යුත් තැපෑල – w​i​c​k​r​a​m​3​0​@​g​m​a​i​l​.​c​o​m
​B209969

P.H.D. පිසිකල් සයන්ස් අවසන් වසර 1992 05 උස 5′ 1″ දියණියට ඇමරිකාවේම දහමට ලැදි ගුණ ගරුක පුතකු සොයයි. 0112418897. ලබන වසරේ 3 මසෙන් පසුව ප්‍රොපෙසර් කෙනෙක්. ඇමරිකාවේ අය පමණක් කතා කරන්න.
B209694

ඇමරිකාවේ පදිංචි වැදගත් බොදු ගොවි ස්ථාවර පසුබිමක් සහිත බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 ජනවාරි උපත ලැබූ,​ උස 5′ 7″ වන කරුණාවන්ත හදවතක් ඇති,​ රූමත් සැලකිලිමත් BSC උපාධිධාරී වර්තමානයේ වෛද්‍ය විද්‍යාලයේ සිටින දියණියට යෝග්‍ය වෘත්තීමය පුතකු සොයයි. විශේෂයෙන් ඇ.එ.ජ. පදිංචි හෝ ප්‍රතිස්ථානගත වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. ආගම,​ කුලය නොසැලකේ. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් තොරතුරු p​d​l​p​r​o​p​8​5​@​g​m​a​i​l​.​c​o​m​
SB209857

උඩරට බොදු ගොවි දෙමාපියන් (කුරුණෑගල) ඔවුන්ගේ 1989 උපත ලද,​ උස 5′ 4″ ඉංජිනේරු සහකාර දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඔබගේ පිළිතුරු. p​r​o​p​o​s​e​k​u​r​u​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB209830

උඩරට බොදු ගොවි 1975 උපන් උසස්පෙළ සමත් උස 5′ 2″ තළෙළු නිවසක් හා දේපළ හිමි දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි.
SB209864

කළුතර බොදු ගොවි 29 වියැති උස 5′ 5″ කළමනාකාර උපාධිය ලබා පෞද්ගලික අංශයේ විධායක නිලධාරිණියක ලෙස සේවය කොට දැනට පවුලේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරන ඉතා පියකරු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. ඇයගේ සොහොයුරියන් දෙදෙනාම ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය අධ්‍යාපන හා රැකියා කටයුතු වල නිරතවේ. (දායාදය මුදල්,​ දේපළ මිලියන 50 කි) (කුජ දෝෂ ඇත) m​k​a​r​a​w​i​t​a​@​i​c​l​o​u​d​.​c​o​m​ ,​ 034-2274594,​ 0344906875.
SB209873

කෑගල්ල බොදු ගොවි සහකාර ඉංජිනේරු ජලාපවාහන ප්‍රොජෙට් Q.S. සමත් ප්‍රමාණ සමීක්ෂණ සහ ඉංග්‍රීසි උසස් තාක්ෂණ ඩිප්ලෝමාව සමත් 91 උපන් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. ව්‍යාපාරික ස්ථාන සහ ඉඩම් දායාදයට,​ 35 ට පහළ අය පමණක් ලියන්න.
SB209115

කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස 5′ 4″ තලෙළු ජ’පුර කළමනාකරණ උපාධිධාරී කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට උගත් රැකියාවේ නියුතු හෝ ව්‍යාපාරික ගුණයහපත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක්)
SB209216

කොළඹ තදාසන්න පෙදෙසක වැදගත් බොදු කරාව පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1994 ජූලි මස උපත ලද උස 5′ 2″ රූමත් තලෙළු ඕස්ට්‍රේලියාවේදී මූල්‍ය /​ ගණකාධිකරණට සඳහා පශ්චාත් උපාධි ලබා එහිම සේවය කරණ යෝජිත දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සුරාවෙන් හා දුම්පානයෙන් තොර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති පුතකු සොයයි. පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. A​u​s​p​r​o​p​2​0​2​3​g​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB209845

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5′ 8″ මනාලෙස ස්ථාපිත MBBS සුදුසුකම් ලැබූ වෛද්‍ය නිලධාරී ලෙස කොළඹ ආරෝග්‍යශාලාවක සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​p​r​o​p​o​s​a​l​s​r​5​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB209837

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ 1996 උපන් 5′ 3″ පැහැපත් වෛද්‍ය දියණියට උගත් සහකරුවකු රජයේ සේවයේ විධායක ශ්‍රේණිවල සේවයේ යෙදී විශ්‍රාමිකවු දෙමාපියන් සොයති. වෛද්‍ය,​ ඉංජිනේරු විශේෂයි. එකම සොයුරිය ඉංජිනේරුවරියකි විවාහකයි.
SB209719

කොළඹ පදිංචි ව්‍යාපාරික පවුලක සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1983 ඔක්තෝබර් මස උපත ලද උස 5′ 2” වන උ/​ පෙළ දක්වා ප්‍රධාන පෙලේ කාන්තා බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ කරුණාවන්ත ඉතාමත් තළෙළු රූමත්,​ කීර්තිමත් විදේශීය විශ්වවිද්‍යාලයකින් අලෙවිකරණ උපාධිය ලැබූ වර්තමානයේ පවුලේ ව්‍යාපාරයක අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි විදේශගත වීමට අකමැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු d​i​l​r​u​k​s​h​i​f​1​9​9​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB209796

කොළඹ බොදු ගොවි 28,​ 5′ 7″ දායාද හිමි වෛද්‍ය දියණියට වැදගත් ගුණගරුක පුතෙක් වෛද්‍ය පියා සොයයි.
SB209239

ගම්පහ දැනට බොරැල්ල පදිංචි දික්කසාද වසර 06 රජයේ රා-ක ස වයස 58 බෞද්ධ උස 5′ 3″ අඩු වයස් වැඩි වයස් කම් නැත. මනාලයෙක් සොයයි.
SB209774

ගම්පහ බොදු ගොවි 1985 ජූලි 5′ 1″ කළමනාකරණ උපාධිධාරී MBA,​ CIM (UK) සහිත පිළිගත් සමාගමක උසස් නතතුරක් දරන රූමත්,​ චරිතවත් දියණියට කුජ දෝෂ නොමැති උගත්,​ ගුණවත් පුතෙකු මව සොයයි. 033-2233864.
SB209581

ගම්පහ බොදු ගොවි 88,​ 5′ 1″ උපාධිධාරී වරලත් ගණකාධිකාරී CA පුද්ගලික ආයතනයක මූල්‍ය කළමනාකාරිණියට සුදුසු උගත් විධායක ශ්‍රේණියේ රැකියාවැති පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 0112536603.
SB209394

දකුණේ බොදු ගොවි මව වෛද්‍යවරියකි. පියා (නැසීගිය) ඉංජිනේරුවෙකි. අවුරුදු 28 MBBS වෛද්‍යවරියක් වූ දියණියට සුදුසු පුතෙකු සොයයි.
SB209814

දකුණේ බොදු ගොවි විශ්‍රාමික වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1992 මාර්තු උපත ලද උස 5′ 6 1/​2″ වන තලෙළු MBBS සුදුසුකම් ලැබූ වෛද්‍යවරියක වන දියණියට මනා අධ්‍යාපනික සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. j​a​y​m​a​t​r​i​m​o​n​i​a​l​0​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB210012

දකුණේ බො/​ ගොවි 62 විශ්‍රාමික වැන්දඹු දේපළැති සොයුරියට 65ට අඩු විශ්‍රාමික /​ ව්‍යාපාරික මහතෙකු සොයයි. (මෝටරියක් තිබීම විශේෂයි)
SB209918

බස්නාහිර බොදු ගොවි ආගමට දහමට ලැදි ගුණගරුක 1988,​ 5′ 4″ MBBS වෛද්‍ය දියණියට උගත් මහත්මයෙකුට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙමාපියන් ආරාධනා. වෛද්‍ය,​ ඉංජිනේරු විශේෂයි.
SB209563

බස්නාහිර බොදු ගොවි 86 මැයි 5′ 6″ රාහු 7 උපාධිධාරී ගණකාධිකාරී නිවසැති දියණියට උගත් පුතෙකු සොයයි. 071-8110462.
SB209501

බස්නාහිර බොදු දේව වංශික 1984,​ 4′ 11″ දියණියට සුරා සූදුවෙන් තොර සාමාන්‍ය රැකියාවක් ඇති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි. භේද නැත.
SB209733

බස්නාහිර බොදු විශ්ව 1996/​7 උස 5′ 2″ ස්ථිර රැකියාවැති I.T උපාධිය හදාරණ රූමත් දියණියට උගත් රැකියාවැති පුතකු දෙමව්පියන් සොයයි. දු.ක. 011-2626218.
SB209863

බොදු ගොවි විශ්‍රාමික මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලැබූ උස 5′ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ හෙදියක ලෙස සේවය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. යෝජිත දියණියට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය හිමි අතර ඇයගේම නිවසක ජීවත් වේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB209842

මධ්‍යම පළාතේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1987/​4 උපත ලද උපාධිධාරී රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ඉතා සිහින් සිරුරැති තලෙළු හා ඉතා සුළු තොලේ අඩුපාඩුවක් සහිත දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති වයස අවුරුදු 41 ට වඩා අඩු පුතකු ඉක්මන් විවාහයක් සඳහා සොයයි. 071-5814106,​ 051-2242148. m​i​s​s​d​i​n​i​t​h​i​@​g​m​a​i​l​.​c​o​m​
SB209678

මහනුවර 1992 සී/​බෞ 4′ 9″ දයාදැති පන්සිල් සුරකින තලෙළු සිහින් සිරුරැති උගත් සුචරිතවත් දියණියට ගුණයහපත් සහකරුවෙකු මව සහ එතෙර වෙසෙන සොහොයුරා සොයයි. බදුල්ල,​ නුවරඑළියෙන් ගුරු වෘත්තියෙන් විශේෂයි. z​u​j​a​a​n​@​y​a​h​o​o​.​c​o​m​
SB209385

මාතර බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1987 උපත ලැබූ උස 5′ 3” සිහින් සිරුරැති ප්‍රසන්න NDES ( සිවිල්) කොළඹ විධායක තනතුරක සේවය කරන එකම සහෝදරියට සුදුසු උගත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​m​2​0​2​2​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
SB209768

මාමා විසින් 1988/​4 උපත ලද උස 5′ 3″ වන ගොවි කතෝලික (මව බෞද්ධ) ගණකාධිකරණ BSC විශේෂ උපාධිය (ජපුර) ACCA (UK),​ MBA (Pim) සුදුසුකම් ලැබූ කොළඹ පිහිටි මූල්‍ය ආයතනයක ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාරිණියක ලෙස සේවය කරණ ලේලිය හට අධ්‍යාපණික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​d​k​u​r​u​p​p​u​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB209827

මාරවිලට නුදුරු 1996 උපන් රෝ.ක දැනට සීමාවාසික වෛද්‍ය පුහුණුවේ නියුතු උසස් කන්‍යාරාමයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ උස 5′ 2″ වන නිහතමානී,​ ප්‍රියමනාප,​ ගුණයහපත් පවුලේ බාල දියණියට සුරාසූදුවෙන් තොර යහපත් පවුල් පරිසරයක් ඇති එවැනිම ගතිගුණති පුතකු රාජ්‍ය සේවයේ නියුතු දෙමාපියෝ සොයති. වෛද්‍යවරයකු වන එකම සොහොයුරු විවාහවී වෙනම වාසය කරයි. වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී හෝ කථිකාචාර්්‍ය වෘත්තීන් විශේෂයි. 032-2254566,​ 076-5562390. n​n​4​4​9​2​7​3​@​g​m​a​i​l​.​c​o​m​
SB209926

මාලබේ බොදු ගොවි විදුහල්පති පත්වීම ලද 1974/​12 5′ 1″ පියකරු ගුරු මෙනෙවියට ගැළපෙන උසස් රැකියා /​ ව්‍යාපාරික පුතෙකුට අැරයුම්. අවටින් විශේෂයි. 0112562060.
SB209213

1960 බස්නාහිර දික්කසාද පවුල් බරින් තොර ගොවි බොදු උගත් කාරුණික කාන්තාවක් විවාහයට උගත් කාරුණික මහත්මයෙක් සොයයි. l​a​k​s​h​i​n​i​a​b​e​y​4​7​@​g​m​a​i​l​.​c​o​m
​SB209242

1996 පොළොන්නරුවේ බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක විද්‍යාවේදී විශේෂ උපාධියක් ඇති 5′ 2″ දියණියට දුසිරිතෙන් තොර සමාන උගත්කමක් ඇති ගුණගරුක පුතෙකු මව සොයයි. 0272051356.
SB209118

1997 නොවැම්බර් උස 5′ 6″ රජයේ විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යා ගෞරව උපාධිධාරිනි රූමත් දියණියට සහකරුවකු දෙමව්පියන් සොයයි.
SB209669

1997 පාදුක්ක (වටරැක) බොදු ගොවි 5′ 3″ උසැති පැහැපත් උසස් පෙළ සමත් පවුලේ එකම දියණියට උගත් රජයේ සේවයේ නියුතු පුතෙකු දෙමව්පියන් සොයයි. ටෙලි. 0112831387.
SB209685

1998 උපන් බොදු ගොවි දැනට රජයේ විශ්වවිද්‍යාලයක අවසන් වසර දියණියට උගත් සහ වෘත්තීය සුදුසුකම් සහිත කරුණාවන්ත අවුරුදු 29 ට අඩු පුතෙකු රැකියාවැති දෙමාපියන් සොයයි. p​r​o​p​o​s​a​l​s​2​1​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SB209860

1999 නුගේගොඩ බොදු ගොවි 5′ 2″ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු උපාධිධාරී දියණියට උසස් රැකියාවක් ඇති දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික පියා සොයයි. රාහු 7 මකර ලග්නය රාක්‍ෂ ගණය වේ.
SB209510

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division