Home » කළමනාකරණ ගණකාධිකාරීවරු බිහිකරන CMA ශ්‍රී ලංකා

කළමනාකරණ ගණකාධිකාරීවරු බිහිකරන CMA ශ්‍රී ලංකා

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment
මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා

ගණකාධිකාරීවරයකු වීමට කැමැත්තක් දක්වන පිරිස් අප අතර ඕනෑතරම් සිටිති. නමුත් ඒ සඳහා තමා යොමු විය යුත්තේ කුමනාකාරයේ ආයතනයකට දැයි නොදන්නා තරම් ය. නමුත් අපේම රටේ ගණකාධිකාරීවරුන් බිහිකරන සාර්ථක ආයතනයක් වන CMA ශ්‍රී ලංකා ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා සමඟින් කතා බහ කළේ මේ ආයතනයෙන් ඔබට ලබා ගත හැකි වටිනාකම පිළබඳ දැනගැනීම සඳහා ය.

CMA ශ්‍රී ලංකා ආයතනය ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද?

CMA ශ්‍රී ලංකා කියන්නේ, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයයි. මෙය මුලින්ම පිහිටවනු ලැබුවේ 1999 වසරේ දී විශේෂයෙන්ම CMA කැනඩා යන කැනඩාවේ ඇති කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ තාක්ෂණික සහය ද සමඟින්. ලෝකයේ අනෙකුත් ආයතන සමඟින් සැසඳීමේ දී මෙය වඩාත් ප්‍රමුඛස්ථානයේ තිබෙන ආයතනයක්. ඒවගේම අපිට කැනේඩියානු රජයේ අධාරත් මේ ආයතනය පිහිටුවීම සඳහා ලැබුණා. මේ ආයතනය 1999 පිහිටවනු ලැබුවේ ලාභ නොලබන ආයතනයක් විදියටයි. Society of certified management accounts of Sri Lanka යන නමින් 2000 වසරේ මැයි මාසයේ දී සිසුන්ට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළා.

CMA ශ්‍රී ලංකා ආයතනය අනෙකුත් ගණකාධිකාරී ආයතනවලින් වෙනස් වෙන්නේ කොහොමද?

මෙය සම්පූර්ණයෙන් ම කළමනාකරණ ගණකාධිකරණය ගැන පිහිට වූ වෘත්තීය ආයතනයක්. අද ගණකාධිකාරී වෘත්තිය දෙස බැලීමේ දී මූල්‍ය ගණකාධිකරණය (chartered accountant) වගේම කළමනාකරණ ගණකාධිකරණයත්(Management accountant) තිබෙන අතර කළමනාකරණ ගණකාධිකාරීවරු ව්‍යාපාරික ආයතන සඳහා වඩාත් වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. මේ අයට ආයතනයක් ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තිබෙනවා. ලෝකයේ ගණකාධිකාරී ආයතන දෙස බැලීමේ දී කළමනාකරණ ගණකාධිකාරීවරුන් ඒ ආයතනවල විශේෂ වූ කාර්යයක් ඉටුකරන බව දකින්නට පුළුවන්.

දකුණු ආසියාතික රටවල් දෙස බැලීමේ දී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වැනි රටවලත් මූල්‍ය හා කළමනාකරණ ගණකාධිකාරී යන කොටස් දෙකම තියෙනවා. නමුත් ලංකාවේ පමණක් මෙයින් පැවතුණේ මූල්‍ය ගණකාධිකාරී යන කොටස පමණයි. CIMA ආයතනය ලෙස හඳුන්වන විදෙස් ආයතනයක් තමයි ඒ පිළිබඳ අධ්‍යාපන කටයුතු සිදු කළේ. දේශීය ආයතනයක් ලෙස ලංකාවේ ආයතනවලට හා සිසුන්ට සුදුසු ලෙස අපි මේ ආයතනය පවත්වාගෙන යනවා.

අපි මේ සඳහා අනෙකුක් ආයතනවලට වඩා අඩු මුදලක් අයකිරීමත් විශේෂත්වයක්. 2009 දී අපේ ආයතනය පාර්ලිමේන්තු පනතක් මඟින් රජයෙන් පිළිගත් වෘත්තීය ආයතනයක් ලෙසින් ස්ථාපිත කළා. ඊට අමතරව දේශීය ආයතනයක් ලෙසින් ඉදිරියට ගෙනත් ගෝලීය ලෙසින් පිළිගැනීමක් ලැබී තිබෙනවා. International Federations of Accountants (IFAC) ගෝලීය ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෙහි රටවල් 135 ක සාමාජිකයන් 180ක පමණ මෙහි සිටින අතර ලක්ෂ 30ක පමණ වෘත්තීය ගණකාධිකාරීවරුන් මෙයට ඇතුළත් වෙනවා. මෙවැනි ජාත්‍යන්තර ආයතන විසින් CMA ශ්‍රී ලංකා ආයතනය පිළිගැනීමකට ලක්කර තිබෙනවා.

මේ ආයතනයේ සිදු කරන පාඨමාලා වර්ග පිළිබඳ දැනුවත් කිරීමක් කරනවා නම්…

CMA ආයතනයෙන් මූලිකවම සිදු කරන්නේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තීයවේදීන් බිහි කිරීමයි. අධ්‍යාපනය සමඟින් ම වෘත්තීය පුහුණුව ලබා දීමත් මේ පාඨමාලා මඟින් සිදු කරනවා. වෘත්තීයවේදියෙක් වීමේ දී න්‍යායාත්මක දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ක්ෂේත්‍රවල ප්‍රායෝගික පුහුණු වීම් ද ලබා දෙනවා.

අපේ පාඨමාලාවල විෂය නිර්දේශය වසර 5න් පහට නව්‍යකරණයට ලක් කරනවා. අලුත්ම විෂය නිර්දේශය මේ වසරේ දී ක්‍රියාත්මක කරන අතර එහිදී පාඨමාලා මට්ටම් 4ක් ඔස්සේ සිදු කරනවා. එහි මූලික පාඨමාලාව සහතික පත්‍ර මට්ටමේ (Certificate level) පාඨමාලාවක් ලෙසින් පවත්වනවා. (Operation level), තෙවැනි මට්ටම ලෙස කළමනාකරණ මට්ටම (Managerial level) හා සිවිවන මට්ටම ලෙස (Strategic level) මේ මට්ටම් හතරේම දැනුම ලබා ගත් පසුව අවසාන වශයෙන් Integrative Case study ලෙසින් මේ සියල්ල අනුබද්ධකර සිදු කරන අධ්‍යාපනයෙන් පසුව අවසාන වශයෙන් සිදු කරන පරීක්ෂණයෙන් සමත් වන අය අවසාන වශයෙන් සමත් වූ අය (Passed finalist) ලෙස හඳුන්වනවා.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ දෙවැනි මට්ටමේ විභාගයෙන් පසුව (Operational level) රැකියාවකට සම්බන්ධ වී හෝ විදෙස් ගත වීමෙන් පසුව එහි අනෙකුත් මට්ටම් සම්පූර්ණ කළ හැකියි. මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ (Online learning) අධ්‍යයන කටයුතු සිදු කළ හැකියි. මේ නිසා රැකියාවක් කරන අතරේම අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි වීම විශේෂත්වයක්.

කළමනාකරණ මට්ටමෙන් පසු සිසුන් ශ්‍රී ලංකා රජයේ ගණකාධිකාරී සේවයට පෙනී සිටීමට සුදුසුකම් ලබයි. කළමනාකරණ ගිණුම්කරණය, මූල්‍ය ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය, අභ්‍යන්තර විගණනය, තිරසාර ගිණුම්කරණය, ඒකාබද්ධ වාර්තාකරණය, බදුකරණය, අවදානම් කළමනාකරණය, ඩිජිටල් ව්‍යාපාර, ව්‍යාපෘති කළමනාකරණය සහ කළමනාකරණ ක්ෂේත්‍රවල සුදුසුකම් ලත් වෘත්තීය කළමනාකරණ ගණකාධිකාරීවරුන් සඳහා රැකියා අවස්ථා බොහොමයක් තිබේ.

අයන්ති උඩුගම්පල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division