Home » අයිවා සමඟ අභිමානවත් වෘත්තීය සිහිනයට තටු දෙන්න

අයිවා සමඟ අභිමානවත් වෘත්තීය සිහිනයට තටු දෙන්න

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment
තාරිකා අමරබන්දු

2024 එළඹෙන නව වර්ෂය සඳහා ගෞරවාන්විත හෙද සහ සාත්තු සේවා වෘත්තීන්ට පිවිසීමට අවශ්‍ය කරන පුහුණුව ලබාදීම සඳහා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමට මෙම ආයතනය මේ දිනවල ප්‍රමුඛතා ගෙන කටයුතු කරයි.

අයිවා පැරා මෙඩිකල් කැම්පස් යනු දිවයින පුරා ශාඛාවන් 15 කින් යුක්ත හෙද විදුහල් ජාලයකි.මෙම වෘත්තිය පුහුණු ආයතනය දිවයිනේ නම් දැරූ විශිෂ්ටතම ආයතනයක් වන්නේ මෙම ආයතනයෙන් නිකුත් කරනු ලබන සහතික පත්‍රයට දේශීයව හා විදේශීයව පිළිගැනීමක් තිබීමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ද පිළිගත් සහතිකයක් වීමත් හේතුවෙනි.

රත්නපුර ප්‍රධාන ශාඛාව කේන්ද්‍ර කර ගනිමින් ගාල්ල, මහනුවර, බදුල්ල, මාතර, තංගල්ල, කෑගල්ල, පානදුර, ගම්පහ බණ්ඩාරවෙල, නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර, ඇඹිලිපිටිය යන නගරයන්හි පවත්වාගෙන යනු ලබන මෙම අධ්‍යයන මධ්‍යස්ථාන සියල්ල තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ එක් එක් අධ්‍යයන මධ්‍යස්ථානය බැගින් ලියාපදිංචිය ලබා ඇත.මෙම ශාඛාවන් අතරින් ප්‍රතීතනය කරන ලද ශාඛාවන් වන රත්නපුර, කෑගල්ල, මහනුවර, පානදුර යන ශාඛාවන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහිත වීමද සුවිශේෂි වේ.තවද ISO 21001:2018 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද දිවයිනේ එකම හෙද විදුහලයි.

අයිවා පැරා මෙඩිකල් කැම්පස් ආයතනයට සම්බන්ධ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය මංපෙත් විවර කිරීම සඳහා එක් අවුරුදු හෙද සහායක පාඨමාලාව සහ සති අන්ත සිව් මාසික සාත්තු සේවා පාඨමාලාව මෙම ආයතනය විසින් මෙහෙයවනු ලැබේ.එබැවින් වෘත්තීය පුහුණුව අවසානයේ ස්ථිර වශයෙන්ම රැකියා ලබාදීමේ පොරොන්දුව මත බඳවා ගැනීම් කරන මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට පාඨමාලාව අවසානයේ දේශීය පමණක් නොව විදේශීය වෘත්තීය රැකියා වෙළෙඳ පොළටද අවස්ථාවන් උදා වන්නේ නිරායාසයෙන්මය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division