Home » ප්‍රෙඩී ගමගේට ටිමෝරයේ ජනාධිපතිගෙන් ගෞරව සම්මාන

ප්‍රෙඩී ගමගේට ටිමෝරයේ ජනාධිපතිගෙන් ගෞරව සම්මාන

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රෙඩී ගමගේ නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා විසින් පිදෙන ගෞරව සම්මානයෙන් පසුගිය27 වැනිදා පිදුම් ලැබීය. ඒ නැගෙනහිර ටිමෝරයේ අගනුවර වන දිලී හිදී පැවති රාජ්‍ය උත්සවයේදීය.

ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉන්දුනීසියානු හමුදා පාලනයෙන් බැට කෑ නැගෙනහිර ටිමෝරයට විමුක්තිය උදාකර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ස්ථාපිත කිරීම පිණිස ලෝකය පුරා ගෙනගිය සහයෝගිතා අරගලයට ලබාදුන් සහයෝගය වෙනුවෙනි.

‌ටිමෝරය නිදහස් කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වු සහයෝගිතා කණ්ඩායම් අාසියා පැසිපික් ටිමෝර් සහයෝගීතාවයේ (Asia Pacific solidarity Coalition ⁣for East Timor (APCET) ක්‍රියාකාරී කමිටු සාමාජිකයෙකු ලෙස ප්‍රෙඩී ගමගේ ක්‍රියාකාරී වූ අතර ටිමෝරයට සහය පළ කරමින් දියත්කළ විරෝධතා සංවිධානය කරමින් ලංකාව තුළ ‘ තෙවන ලොව මිතුරෝ ‘ සංවිධානයේ කැඳවුම්ක ලෙස සහයෝගීතා වැඩ ක්‍රියාත්මක කරන ලදි.

නැඟෙනහිර ටිමෝරයට නිදහස ලබාගැනීම උදෙසා සිදුකළ ජාත්‍යන්තර සහයෝගීතා අරගලයේ කොටස්කරුවෙකු වීම හේතුවෙන් ඔහුට ඒරට ගෞරවය සහ ප්‍රනාමය පුදකරමින් ප්‍රෙඩී ගමගේ ඇතුළු තවත් රටවල ක්‍රියාධරයන් කිහිපදෙනෙකුට මෙම ගෞරව සම්මානය ජනාධිපති ජොසෙ රාමොස් හොර්තා විසින් පිළිගන්වනු ලැබිණි.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division