Home » සතියේ කලදවස

සතියේ කලදවස

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

මේෂ – සහජ දක්ෂතා ඔප් නැංවේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. අතමිට මිල මුදල් ගැවසෙන මවුපියන්ගේ උපකාර ලබන සතියකි. සහජ දක්ෂතාවලින් පල ප්‍රයෝජන ලැබේ. ඇවිදිලි වැඩි වේ. ගෘහ ජීවිතය තුළ හා රැකියාවේ කටයුතු අනලස්ව සිදු කරයි. පුණ්‍ය කටයුතුවලටද දායකත්වය සපයයි. පවතින අපල අවම වීමට අසරණ අයට උපකාර කරන්න.

සුබ අංක – 4, 5 , සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – උතුම් උසස් සිතුවිලි පල දරයි

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. සමාජ සේවා සුබසාධන කටයුතුවල නිරත වෙයි. පැසසුම් ලබයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. වචනයට අන්‍යයන් ගරු කරයි. රැකියාව සඳහා ඇවිදිලි වැඩි වුවත් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වේ. අපල අවම වීමට අලුයම බුදුන්ට පැන් වීදුරුවක් තබන්න.

සුබ අංක – 6, 11 සුබ වර්ණය – රෝස, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.

මිථුන – යහපත් සමාජ ඇසුරක්

සඳු ගමන් කරන්නේ 12 ලග්නය දෙවැන්න හරහාය. ආරම්භය ගැටලුකාරී විය හැකිය. ඉන්පසුව බුද්ධිමත්ව තම තමන්ගේ කටයුතුවල යෙදේ. යහපත් සමාජ ඇසුරක් පවත්වාගෙන යයි. අන්‍යයන්ගේ කරුණු කාරණාවලට නොපැකිළව ඉදිරිපත් වෙයි. කුටුම්බ සංරක්ෂණය මැනවින් ඉටු කරයි. ආර්ථිකය ශක්තිමත්ය. සෙම් රෝග මතුවේ. අපල අවම වීමට අතපය වාරු නොමැති හෝ දුර්වල අයෙකුට ආහාර පිරි නමන්න.

සුබ අංකය – 3, 5 සුබ වර්ණය – කොළ, සුබ දවස් – බදාදා, සිකුරාදා.

කටක – ඥාති හිතවතුන්ගේ සහාය

සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය හරහාය. ආරම්භය සතුටුදායකය. ඥාතී හිතවත් අයගෙන් උදවු උපකාර හා වෙනත් ලැබීම් සහිතයි. සතියේ මැද සිත් රිදීමක් කලකිරීමක් ඇති විය හැකිය. ඉන්පසු යහපත් සාමාජීය ඇසුරක් ලබමින් රැකියාවේ නියැළෙමින් ආදායමක් උපයයි. අන්‍යයන්ට උදවු කිරීම අරමුණයි. සුළු අසනීප අනතුරුවලට හේතු වෙයි. අපල අවම වීමට පත්තිනි මෑණියන්ට පින් දෙන්න.

සුබ අංකයන් – 7, 8 සුබ වර්ණ – සුදු, සුබ දවස් – සඳුදා

සිංහ – රැකියා අංශවල දියුණුව

සඳු ගමන් කරන්නේ 10, 11,12 යන භාවයන් හරහාය. රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන විදෙස් ගමන් සපල විය හැකි සතියකි. ඇවිදිලි වැඩි වේ. මවු දෙමාපියන්ගේ දුක සැප බලයි. යහපත් කල් ක්‍රියාවෙන් යුතුව ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. සතිය අවසානයේ සිත් රිදීමක් විය හැක. දරුවන්ගේ අපල අඩු වෙයි. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උදවු කරන්න.

සුබ අංක – 1, 4 සුබ වර්ණ – රතු, සුබ දවස් – ඉරිදා

කන්‍යා – පුණ්‍ය කටයුතු සිදු කරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය මෙලොව පරලොව යන දෙකටම වැඩ සිද්ධ කර ගනියි. කරන කියන රැකියා ගෘහ ජීවිතය ධෛර්යවත්ව පවත්වාගෙන යන සහ දරුවන්ගේ යහපත් කරුණු කාරණා ද ඉටු වෙයි. උසස් මිතුරන් මුණ ගැසෙයි. ඒ අයගෙන් උදවු උපකාරද ලැබෙයි. අපල අවම වීමට ස්නායු දුර්වලතා ඇති අයට උපකාර කරන්න.

සුබ අංක – 3, 7 සුබ වර්ණ – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා – ගෘහ දිවියට සුබදායකය

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භය එතරම් සුබපල උදා නොකරයි. කනගාටුදායක පුවත් කන වැකෙන්නට ඉඩ ඇත. ඉන්පසු ගෘහ ජීවිතය හා රැකියා සම්බන්ධ සුබවාදී වාතාවරණයක් පෙන්වයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් දක්වයි. කර්ම බලය ශක්තිමත් වේ. ස්වයං රැකියා හා සහජ දක්ෂතාවන්ට ඉඩක් ලැබේ. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 3, 6 සුබ වර්ණ – ක්‍රීම්, සුබ දවස් – සිකුරාදා.

වෘශ්චික – වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ මෙන්ම පාඩු ද සිදුවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. සිතෙහි චංචල ස්වභාවයක් ඇති වේ. යුග දිවිය සාමයෙන් ගත කරන පුණ්‍ය කටයුතුවලට සහභාගී වන ධෛර්ය සම්පන්නව පදිංචි ස්ථානයේ අඩුපාඩු සකස් කරගන්නා සතියකි. අපල අවම වීමට ශල්‍යකර්මවලට භාජනය වූ අයට උපකාර කරන්න.

සුබ අංක – 2, 4 සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.

ධනු – විදෙස් ගමන් සපල වේ

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. වෙළෙඳ, ව්‍යාපාර හා රැකියා සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකිය. ලාභ මෙන්ම පාඩු ද සිදුවන බව පෙනෙන්නට ඇත. කරන කියන කටයුතු, ගන්නා තීන්දු තීරණ පිළිබඳව බුද්ධිමත්ව සිතන්න. විදෙස් ගමන් සපල විය හැකිය. අසනීප අපල අවම කරගැනීමට බෝධි පූජාවක් තබන්න. අපල අවම වීම සඳහා අසරණ අයට උදවු කරන්න.

සුබ අංක – 6, 8, සුබ වර්ණ – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

මකර – දරුවන්ගේ සතුටුදායක ආරංචි

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ යහපත් කරුණක් ගැන සතුටු විය හැකි සතියකි. වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත් වුවත් නිකරුණේ මුදල් වැය වන කරුණු යෙදේ. ඒ පිළිබඳව කල්පනාවෙන් කටයුතු කරන්න. ප්‍රමාද වූ විවාහ දරුපල ආදිය පිළිබඳ සතුටුදායක ආරංචි ලැබේ. අපල අවම වීමට ඉවසීමෙන් කටයුතු කරන්න.

සුබ අංකය – 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – ආර්ථිකය ශක්තිමත් වේ

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් හරහාය. පදිංචි ස්ථානයේ වැඩ කටයුතු සඳහා මූලිකත්වයක් දක්වයි. අවිවේකය නිසා කලකිරෙන අවස්ථා ඇතත් සියලු යුතුකම් ඉටු කරයි. සතුන්ගෙන් කරදර පැමිණිය හැක. දරුවන් පිළිබඳ සතුටු විය හැකි කරුණු අසන්නට දකින්නට ලැබේ. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. අපල අවම වීමට වැඩිහිටි අයට සලකන්න.

සුබ අංක – 09, සුබ වර්ණය – නිල්, සුබ දවස- සිකුරාදා

මීන – පුණ්‍ය කටයුතුවලට යොමු වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. පවුලේ සාමාජිකයන්ගේ සහයෝගිතා බැඳීම් වර්ධනය කෙරෙන දෙමවුපියන් හා ආදරණීය එකමුතු බවක් පෙන්වන සතියකි. පුණ්‍ය කටයුතුවලට යොමු වීමක් සමාජයීය හා පොදු වැඩවල නියැළීමක් පෙන්වයි. ඒරාෂ්ටක අපල නිසා අසනීප අනතුරුවලට ඉඩ ඇත. අපල අවම වීමට සතුන්ට ආහාර ජලය දෙන්න.

සුබ අංක – 3, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division