Home » ග්‍රහ අපල රෝ බිය අමනුෂ්‍ය බිය දුරු කරන මහානුභාවසම්පන්න චූල ජින පඤ්ජරය

ග්‍රහ අපල රෝ බිය අමනුෂ්‍ය බිය දුරු කරන මහානුභාවසම්පන්න චූල ජින පඤ්ජරය

by Mahesh Lakehouse
November 25, 2023 12:32 am 0 comment

– ඔබේ පවුලටම අපමණ ශාන්තියක් ලැබෙන ක්‍රමවේදයක්
– කුඩා ජින පඤ්ජර පිරිත ලෙස ද හඳුන්වයි
– සුවඳ ධූපය 108 වරක් පිරිත්කර දුම් අල්ලන්න

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අප ඉදිරිපත් කරන මෙම උතුම් ගාථා රත්නයන් එදිනෙදා ජීවිතයේ ඔබට ඇතිවන අපමණ පීඩාවන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු නො අනුමානය. නිතර සජ්ඣායනා කිරීම තුළින් ද විශාල පල ප්‍රයෝජන ගත හැකිය. මෙම ගාථා රත්නය ඇතුළත් වන්නේ චූල ජින පඤ්ජරය හෙවත් කුඩා ජින පඤ්ජර පිරිත තුළය.

දස දිසාවටම සම්බුදු බලය බල ගන්වා වීතරාගී මහරහත් ගුණ ඇතුළු අනේක තෙරුවන් ගුණ ඇතුළත් මෙම චූල ජින පඤ්ජරය ග්‍රහ අපල, අමනුෂ්‍ය බය, අංගං පිල්ලි සූනියං ආදියෙන් ඇතිවන සියලු උවදුරු විනාශ කරන අතර, රාජ භය, ගිනි භය, සතුරු භය, සොරුන්ගෙන් ඇතිවන බය ආදියට ඇති පුදුමාකාර ආරක්ෂාවකි.

මෙම පිරිතෙන් නිවාස හෝ ව්‍යාපාරික ගොඩනැඟිලි ආදියට සෞභාග්‍යය උදෙසා කළ හැකි ශාන්තිකර්ම රාශියකි. ගෙවල් ආරක්ෂා කිරීම, බන්ධන කැපීම වැනි දේට මෙය භාවිත නොකළ යුතුය. නිධන්ගත පීඩා දුරු කර ගැනීම සඳහා අප විසින් ඉදිරිපත් කරනු ලබන මෙම සුවඳ දූපය සකස් කර දුන් ඇල්ලීම සහ නොඉඳුල් පොල් තෙල්වලට පිරිත් කර පහන් දැල්වීම සිදුකර ගත හැකිය. ගර්භණී කාන්තාවන් සඳහා පිරිසිදු පැන් 21 වර පිරිත් කර බොන්නට දීම සිදු කර ගන්න. කිසි කලෙකත් ඉවත් කළ නොහැකි බන්ධන බලවේග සහ අමනුෂ්‍ය උපද්‍රව සඳහා පිරිත් කර පොල් තෙල්වලින් නිවස ඇතුළත දින 21ක් පහන් දැල්වීම සිදුකර ගන්න. මෙම සුවඳ දූපය සඳහා ගන්නා ⁣⁣ඖෂධ ඉතා පිරිසිදුව සපයා ගත යුතු බව සිහියේ තබාගන්න.

රත් හඳුන්, සුදු හඳුන්, දෙනිද්ද, පිච්ච මුල්, පිච්ච මල්, නෙළුම් රේනු මෙම ඖෂධ හිරු රශ්මියෙන් වේළා සිහින් වෙන්ව කොටා එයට අවශ්‍ය ප්‍රමාණයට කට්ට කුමඤ්ජල් කුඩුකර කළවම් කරගන්න. ඖෂධ ගැනීමේදී සමව අරගන්න. රාත්‍රී 10ත් 02ත් අතර කාලය තුළ මෙම ඖෂධ ⁣කුඩු ජීවම් කළ යුතුය. 108 වරක් පිරිත් කර නිවසේ හෝ ඕනෑම ස්ථානයක උදේ සවස දුම් අල්ලන්න.

කිසි කලෙක සුව නොවූ අසනීප සුව වෙයි. ස්ථානගත අමනුෂ්‍ය බලවේග පිටවේ. ග්‍රහ පීඩා, භූත පීඩා දුරුවී අපමණ සෞභාග්‍යය උදා වේ. පවුල්වල ඇති අසමගිතා දුරු වේ. ඔබ නොසිතූ අපමණ ශාන්තියක් සැලසේ. පහත දැක්වෙන උතුම් චූල ජින පඤ්ජරය පන්සිල්හි පිහිටුවා තෙරුවන් වන්දනා කර පිරිත් කියා දෙවිවරුන්ට පින් දී 108 වරක් පිරිත් කර ගැනීම මැනවි.

කුඩා ජින පඤ්ජරය

1. දිසාසු දස භාගේසු ඨිතා බුද්ධානු භාවතෝ
වේරාපි අන්තරායාපි විනස්සන්තු අසේසතෝ
ඒවමාදි ගුණෝ පේතං පරිත්තං තං භණාමහේ

2. පදුමුත්තරෝ පුරත්ථිමායං අග්ගිම්හි චේව රේවතෝ
දක්ඛිණේ කස්සපෝ බුද්ධෝ නිරි තේ ච සුමංගලෝ

3. පච්චිමේව සිඛි බුද්ධෝ වායව්‍යා මේධංකරෝ
අච්චන්තරායා සබ්බේ මේ සෝක රෝග භයාපි ච

4. විනස්සන්තු සදා මයිහං සබ්බිරියා පතෙසු ච
යක්ඛාදි දේවතීහි ච රාජ චොරාරි අග්ගිභ

5. අමනුස්සේහි සබ්බේහි තිරච්ඡාන ගතේහි ච
ජාතා උපද්දවා සබ්බේ විනස්සන්තු අසේසතෝ

6. සිරස්මිං මේ බුද්ධ සෙට්ඨෝ සාරිපුත්තෝ ච දක්ඛිණේ
වාමං සේ මොග්ගල්ලානෝ මේ පුරතෝ පිට කත්තයං
පච්ඡිමේ මම ආනන්දෝ චතුද්දිසා ඛීනාසවා

7. සමන්තා ලෝක පාලා ච ඉන්ද දේවෝ ච බ්‍රහ්මණෝ
ඒ තේසං ආනුභාවේන සබ්බුපද්දවු පද්දවා
අනේකා අන්තරායාපී විනස්සන්තු අසේසතෝ

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division