Home » 3වැනි භාවයට නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන කාලසීමා

3වැනි භාවයට නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන කාලසීමා

එම කාලසීමා තෝරාගන්නේ මෙහෙමයි

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ජන්ම පත්‍රයක පලාපල කථනය සම්බන්ධයෙන් ජන්ම පත්‍රයක 3 වැනි භාවය විශ්ලේෂණය කිරීමේදී මෙම භාවයට නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වන කාල සීමා තෝරා ගන්නේ මෙසේ ය.

මෙම ජන්ම පත්‍රයේ 3 වැනි භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයාගේ සම්බන්ධතාව පෙන්වන 3, 10 සහ 12 වැනි භාව නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය ඇතිවන කාල සීමාවන් බලන්න. මෙම ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන කාල සීමාවලදී ඒ කරුණු ක්‍රියාත්මක වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2008 පෙබරවාරි මාසයේ 23 වැනි දින සිකුරු ග්‍රහයාගේ මහ දශාව ආරම්භ වී ඇත. සිකුරු ග්‍රහයාගේ මහ දශාවේ බුධ ග්‍රහයාගේ භුක්තිය 2024 පෙබරවාරි මාසයේ 23 දින සිට 2026 දෙසැම්බර් මාසයේ 24 වැනි දින දක්වා පවතියි. මේ සිකුරු සහ බුධ ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාල සීමාවන් තුළදී, 3, 10 සහ 12 වැනි භාව ප්‍රතිඵල ක්‍රියාත්මක වෙයි. එසේ වන්නේ මෙම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන කාල සීමාවලදීය.

මෙම කාල සීමාව තුළ සිකුරු ග්‍රහයාගේ ගෝචර ගමන් සිදු වන්නේ මේ ආකාරයටය.

ක්‍රිස්තු වර්ෂ 2024 පෙබරවාරි මාසයේ 12 වැනි දින සිකුරු ග්‍රහයා ශනි හිමි මකර රාශියට ඇතුළු වෙයි. ක්‍රිස්තු වර්ෂ 2024 පෙබරවාරි මාසයේ 12 වැනි දින සිට සිකුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන මකර රාශියේ 00 00 00 සිට ඇති නක්‍ෂත්‍රය අධිපති රවි ග්‍රහයා 12 වැනි භාවයට නිවේදක ග්‍රහයෙකු වන හෙයින්ද 2024 පෙබරවාරි මාසයේ 20 වැනි දින සිට සිකුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන මකර රාශියේ 10 00 00 සිට ඇති නක්‍ෂත්‍රය අධිපති සඳු ග්‍රහයා ද 12 වැනි භාවයට නිවේදක ග්‍රහයෙකු වන හෙයින්ද 2024 මාර්තු මාසයේ 02 වැනි දින සිට සිකුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන මකර රාශියේ 23 20 00 සිට 30 00 00 ඇති නක්‍ෂත්‍රය අධිපති කුජ 12 වැනි භාවයට නිවේදක ග්‍රහයෙකු වන හෙයින්ද ජන්මියා 12 වැනි භාව ප්‍රතිඵල ලබයි.

ක්‍රිස්තු වර්ෂ 2024 මාර්තු මාසයේ 12 වැනි දින සිට සිකුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන කුම්භ රාශියේ කුම්භ 06 40 00 සිට ඇති නක්‍ෂත්‍රය අධිපති රාහු 11 වැනි භාවයට නිවේදක ග්‍රහයෙකු වන හෙයින් ද ජන්මියා 11 වැනි භාව ප්‍රතිඵල ලබයි.

මේ ආකාරයට එක් එක් දශා කාල සීමාවල ග්‍රහයන් ලබා දෙන ප්‍රතිඵල ඔවුන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කර දෙන විට පමණක් ක්‍රියාත්මක වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division