Home » රවි ග්‍රහයා වන්දනාමානයෙන් ලැබෙන සුබ ප්‍රතිඵල

රවි ග්‍රහයා වන්දනාමානයෙන් ලැබෙන සුබ ප්‍රතිඵල

රවි ග්‍රහයා බලවත් කරන පුද පූජා

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

දේශපාලනඥයන්, ආයතන ප්‍රධානීන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිවහොත් ඕනැම තැනක මුල් තැන ‘තමාගේ කාල සීමාවටම’ හිමි වනුයේ රාජ්‍ය කාරක රවි ග්‍රහයා ලග්නයේ තැන්පත් වීම නිසාය. එය ජ්‍යොතිෂයේ එක් ප්‍රබල ග්‍රහ පිහිටුමකි.

ග්‍රහ මණ්ඩලයේ මුල් තැන හිමි වන රවි – මේෂයට උච්ඡ වේ. වෘෂභයට – සතුරුය. මිථුනයට – සමය. කටකයට – මිත්‍රය. සිංහයට – ස්වක්ෂේත්‍රය. කන්‍යාවට – සම වේ. තුලාවේ- නීච වේ. වෘශ්චික සහ ධනුවට මිත්‍ර වේ. මකර, කුම්භ දෙකටම සතුරු වන රවි මීන රාශියට මිත්‍ර වේ. මේ කුමන අයුරින් හෝ රවි ග්‍රහයා ලග්න ගත වුවහොත් වංචා, ප්‍රයෝග සටකපටකම්වලට අකමැති, තම අභිමානය, ආත්ම ගෞරවය රකින ඉතාමත් කාර්යශූර අයෙකු බිහි වේ.

නායකත්වය, මූලිකත්වය මෙන්ම බුද්ධිය, කථිකත්වය, කුසලතා සහිත වීම, දුරදර්ශී නුවණ, ගණිත විෂයට සහජ දක්ෂතා නිතැතින්ම ජන්මියා තුළ ඇත. ජ්‍යොතිෂවේදියකු ලවා ඔබේ කේන්දරය පරීක්ෂා කරගන්නා අවස්ථාවේදී ඔබගේ කේන්දරයේ රවි ග්‍රහයා කුමන තැනක සිටිදැයි බලන්න. ඒ අනුව ඔබට හානියක් සිදුවේද? නැතහොත් වාසනාව උදාවේ ද? යන්න දැනගත හැකිය. රවි ග්‍රහයා වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් ඉටු කිරීම තුළින් රවි අපලය මඟහරවා ගත හැකිය.

රවි ලග්නගතවම තැන්පත්ව රවිගේ සප්තම දෘෂ්ටියට හත්වැන්න වූ විවාහ ස්ථානය ලක් වේ. මෙවන් පිහිටුමක් ඇති ජන්මියා විවෘත මනසකින් යුතු නීතියට සහ යුක්ති ධර්මයන්ට අනුකූල අයෙකු වේ. මෙම ග්‍රහ පිහිටීම කෝටියක් දෝෂ භංග වන සහ ආයුෂ වැඩි වීම සිදු වේ.

රවි ග්‍රහයා බලවත් වූ පුද්ගලයෙකු තුළ සෘජු කතා විලාසය, අන්‍යයන්ට අණ දීම, ප්‍රීතියෙන් සතුටින් සිටීමේ ප්‍රවණතාව, නිර්ලෝභි සහ උසස් වීමට ඇති බලවත් ආශාව දැඩි ලෙස පිළිබිඹු කරයි. රවි ග්‍රහයා පීඩා වූ ජන්මියා අධික මානය, කෝප වීම, සිතෙහි ස්ථිර ගති පැවතුම් නොමැති වීම සහ හෘද සහ රුධිරවාහිනීවල රෝගවලට ගොදුරු වීම බොහෝ දුරට සිදු වේ. රවි ග්‍රහයාගෙන් නියෝජනය වන රෝග වනුයේ හෘද රෝග, උණ රෝග, රුධිරවාහිනීවල ආබාධ හා සමේ රෝගයන්ය.

ප්‍රභූන් බොහෝමයක් උප්පත්තිය ලබා ඇත්තේ රවි බලවත්වය. සෑම අයෙකුටම මෙම ග්‍රහයා බලවත් කිරීම තුළින් ජීවිතය බබළවා ගත හැක.

* සෑම දිනකම උදය කාලයේ සූර්යයේ වන්දනාව කරන්න.

* උතුම් ශිව දෙවියන් වන්දනා කර පින් දෙන්න.

* ඕනෑම දිව්‍යාංගනාවකට පුද පූජා පවත්වන්න.

* උදය කාලයේ නැඟෙනහිර බලා මෝර පිරිත කියන්න.

* ‘රත් නෙළුම්’ ඇතුළු සියලු රත් මල් පූජා කරන්න.

* රූඩි, පත්මරාග (රතු මැණික්) පැලඳීම ජයග්‍රහණයට හේතු වේ. (මෙය ජ්‍යොතිෂ පරීක්ෂාවෙන් අනතුරුව කළ යුතුයි)

* උක් හකුරු සමඟ කිරිබත් අෂ්ටඵල බෝධීන් වහන්සේට පූජා කර ශිව දෙවියන්ට නවග්‍රහ මණ්ඩලයේ මේ උතුම් ග්‍රහයාට පින් දෙන්න. ඔබට ඉතා උසස් ජීවිතයකට පා නැඟිය හැකි බව නම් ස්ථීරයි.

ඕම් සුර්ය දිව්‍ය රාජයා නමඃ

රාජ්‍ය කාරක රවි ග්‍රහයා නිතර එලෙස නමැදීමෙන් බොහෝ සුබපල උදාකර ගත හැකි බවද දන්වමි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division