Home » ඖෂධ මිල ඉහළ ගියේ හොරකම සහ දුෂණය නිසා

ඖෂධ මිල ඉහළ ගියේ හොරකම සහ දුෂණය නිසා

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

by Mahesh Lakehouse
November 18, 2023 12:32 am 0 comment

පසුගිය කාලයේ ඖෂධ මිලෙහි ඉහළ යෑම ජනතාවට දරා ගැනීමට නොහැකි බව ද ඖෂධ මිල පාලනය හොඳ පියවරක් බව ද සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිළුමිණට කියා සිටියේය.

පසුගිය කාල සීමාව තුළ මෙම මිල ඉහළ යාමට හේතු රැසක් බලපෑ බව ද සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් මතුව තිබූ හොරකම සහ දුෂණය නිසා ඖෂධ මිල ඉහළ ගිය බව බොහෝ දෙනා පවසන බවත් අවධාරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවැසුවේ එහි වන්දිය ජනතාවට ගෙවීමට සිදු වූ බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙසේද කියා සිටියේය. “පසුගිය කාල සීමාව තුළ බාල ඖෂධ නිසා විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා.

සෞඛ්‍ය අමාත්‍යාශය තුළ මිලදී ගැනීම්වල ඇති වෙලා තිබුණු මහ දුෂණකාරි තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ඇමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් පවා ගෙනාවා. මිලදී ගැනීම් සහ ඖෂධ සම්බන්ධයෙන් කාරණා විශාල ලෙස කතා බහට ලක් වුණා. මේ දුෂණ වංචා නොමැති නම් මිට වඩා මිල අඩු කරන්න පුළුවන්.

සෞඛ්‍යයට වැය කරන මුදල දුෂණයට යට වෙලා කියලයි තමයි අපි හිතන්නේ. කෙසේ වෙතත් ඖෂධ යම් කිසි නියාමනයක් තියනවා නම් අඩු කිරීමක් වෙනවා නම් එය යහපත් පියවරක්“.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division