Home » පාරිභෝගික වැටලීම්වලින් කෝටි විසි දෙකක්

පාරිභෝගික වැටලීම්වලින් කෝටි විසි දෙකක්

by Mahesh Lakehouse
November 18, 2023 12:36 am 0 comment

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා පාරිභෝගික අධිකාරිය විසින් රට පුරා සිදු කරන ලද වැටලීම් 20,365 කින්, රුපියල් කෝටි විසිදෙකක් (22,32,61,949) දඩ මුදල් ලෙස අයකරගෙන තිබේ.

මෙයට අමතරව ඉහත කී වැටලීම් 20,365 අතරින් නඩු පැවරීම් 19,019ක් සිදු කර ඇති අතර, 2023 නොවැම්බර් මස 03 වැනිදා සිට 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ සීනි සම්බන්ධ ගැසට් පත්‍රිකාව මඟින් සීනි සම්බන්ධ වැටලීම් 384ක් සිදු කර තිබේ. එසේම ජනවාරි මස 20 වැනි දා සිට ජූලි මාසය දක්වා ක්‍රියාත්මක වූ බිත්තර පාලන මිල සම්බන්ධ ගැසට් පත්‍රිකාවට අදාළව ද වැටලීම් 1,569ක් සිදු කර ඇති අතර, එම ගැසට් පත්‍රිකාව ජූලි මාසයේ සිට නතර වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ දැනට ආහාර සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වන්නේ, හාල් සහ සීනි වෙනුවෙන් පමණකි. මෙම වැටලීම්වලින් ලබන දඩ ආදායමෙන් තුනෙන් එකක් පාරිභෝගික අධිකාරී අරමුදලට ද තුනෙන් දෙකක් පළාත් සභාවට ද බැර වේ.

ඉනෝකා පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division