Home » යුනෙස්කෝ විධායක මණ්ඩලයට පත් වූ ඇමැති සුසිල්ට පක්ෂ විපක්ෂ සුබ පැතුම්

යුනෙස්කෝ විධායක මණ්ඩලයට පත් වූ ඇමැති සුසිල්ට පක්ෂ විපක්ෂ සුබ පැතුම්

by Mahesh Lakehouse
November 18, 2023 12:39 am 0 comment
වජිර ලියනගේ

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ආසියානු ශාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතුව තේරී පත්වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ කථානායක සහ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් සුබපැතුම් ඉකුත් සිකුරාදා හිමි විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක් කරමින් පවසා සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත ආචාර්යවරයකු වූ සුසිල් ප්‍රේමජයන්ත් ලද මේ විශිෂ්ට ජයග්‍රහණය පෞද්ගලිකව ඔහුටත් රටටත් ලැබුණු විජයග්‍රහණයක් බවයි.

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම ඉතා දුලබ මෙන්ම අසීරුවෙන් ලබාගත යුතු අවස්ථාවක් බවත් එවන් තනතුරක් සඳහා ජාත්‍යන්තර ඡන්ද විශාල ප්‍රමාණයක් දිනා ගනිමින් තේරී පත් වූ සුසිල් ප්‍රේමජයන්තට දකුණු ආසියානු කලාපයට හා සමස්ත ලෝකයට ම සේවය කිරීමට මහඟු අවස්ථාවක් මෙමඟින් උදා වූ බවත් රට වෙනුවෙන් හා පාර්ලිමේන්තුව වෙනුවෙන් තමන් ඒ සඳහා සුබ පැතුම් එක් කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන එහි දී පැවසී ය. ප්‍රේමජයන්ත් ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ මූලස්ථානයේ දී මෙවර යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අතර මින් පෙර 2008 වර්ෂයේ ද එම තනතුර හොබවමින් රටට කීර්තියක් අත් කර දුන් බැව් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙණිපිටිය පෙන්වා දුන්නේ රටවල් විශාල සංඛ්‍යාවක් අබිබවා ලද මෙම දුලබ ජයග්‍රහණය වෙනුවෙන් අධ්‍යාපන ඇමැතිවරයාට සුබ පතන බවය.

මෙහි දී ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ම නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division