Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

හික්ක­ඩුවේ අසි­රිය කියා­පාන අසි­රි­මත් හික්ක­ඩුව

කෘතිය -අසි­රි­මත් හික්ක­ඩුව
සංස්ක­ර­ණය -හික්ක­ඩුව නගර සභාව
ප්‍රකා­ශ­නය -හික්ක­ඩුව නගර සභාව
මිල- රු 500, පිටු ගණන- 144
දුර­ක­ත­නය -091 2275114

හික්ක­ඩුව නගර සභාව විසින් සංස්ක­ර­ණය කර පළ­ක­රන ලද අසි­රි­මත් හික්ක­ඩුව කෘතිය තුළ හික්ක­ඩුව බල ප්‍රදේ­ශයේ ඓති­හා­සික, සංස්කෘ­තික, හා සමා­ජා­ර්ථික කරුණු ඇතු­ළත් අගනා ග්‍රන්ථ­යකි. හික්ක­ඩුව පිළි­බඳ අධ්‍ය­නය කර­න්න­වුන්ට වටිනා තොර­තුරු ඇතු­ළත් මෙම ග්‍රන්ථයේ කරුණු විග්‍රහ කර ඇත්තේ ආදළ ඡායා­රු­පද සම­ඟින් වීම විශේ­ෂිත කරු­ණකි.


දේව­සිංහ ගෙන් ජීවි­තය කවි­යක්

කෘතිය – ජීවි­තය කවි­යක්
කර්තෘ – ඩී. ඒ.ටී. ඩී දේව­සිංහ
ප්‍රකා­ශ­නය – කර්තෘ ප්‍රකා­ශ­න­යකි
මිල- රු 850, පිටු ගණන- 133
දුර­ක­ත­නය – 071 6026093

කතු­ව­රයා විසින් රචිත පස්වැනි කෘතිය ජීවි­තය කවි­යක් වේ. සමා­ජයේ පහළ ස්ථර ගැන, ඔවුන් විඳින අනේක විධ දුක්ගැ­හැට එළි දක්වන මෙම අපූරු නව­ක­තාව හරහා කතු­ව­රයා උත්සහ දරා ඇත්තේ අඳු­රෙන් එළි­යට යාමට උත්සහ දර­න්න­වුන්ට යම් උත්තේ­ජ­න­යක් සැප­යී­මය. නාග­රික සමා­ජයේ වූ පුහු ආටෝ­ප­ය­න්ගෙන් මිදෙ­මින් යථා­ර්ථ­වා­දිව ජීවි­ත­යට හුරු වන්නේ කෙසේද යන්න පිළි­බඳ විව­ර­ණ­යක් මේ තුළ අන්ත­ර්ග­තය.


කුසුමා දම්මිනි ගෙන් පහන් ටැඹ

කෘතිය – ‘පහන් ටැඹ’
කර්තෘ -කුසුමා දම්මිනි නානා­ය­ක්කාර
ප්‍රකා­ශ­නය -ඩී. කේ. මුද්‍ර­ණා­ලය
මිල- රු 350, පිටු ගණන- 70
දුර­ක­ත­නය -071 2054865
ගද්‍ය පද්‍ය කෘති කිහි­ප­යක් පළ කර ඇති කුසුමා දම්මි­නිගේ නව­තම පද්‍ය කෘතිය වන්නේ පහන් ටැඹ යි. කිවි­දිය තම ජීවි­ත­යට පහන් ටැඹක් වූ අවස්ථා සේම, අන් ජීවි­ත­යන්ට තම ජිවි­තය පහන් ටැඹක් වූ අවස්ථා වැනි මං සල­කුණු ඔත්සේ ඇය කවි ගෙත්තම් කරන්නේ පාඨ­කයා තුළ අපූර්ව චිත්ත රූප මවා­ල­මිනි. අලං­කාර සිතු­වම් සම­ඟින් පද්‍ය කාව්‍ය 42ක් පුරා­වට ඇය සිය අනු­භූ­තීන් ඉදි­රි­පත් කරන්නේ විවි­ධා­කාර මාතෘකා ඔත්සේය.


සඳ නැගෙන සඳ ළඟ රැඳෙන සඳ

කෘතිය – සඳ නැගෙන සඳ
ළඟ රැඳෙන සඳ (කාව්‍ය සංග්‍ර­හය)
කර්තෘ – උදානි අභි­ෂේකා විජේ­ව­ර්ධන
ප්‍රකා­ශ­නය – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝ­ද­රයෝ ( පුද්) සමා­ගම
මිල- රු 350, පිටු ගණන- 72
දුර­ක­ත­නය – +61412550289 වට්ස්ඇප්

දැනට ඔස්ට්‍රේ­ලි­යාවේ ස්වින්බර්න් විශ්ව­වි­ද්‍යා­ලයේ පර්යේ­ෂණ සහ­කා­රි­යක ලෙස සේවය කරන මෙම ග්‍රන්ථයේ කතු­ව­රිය වන උදානි අභි­ෂේකා විජේ­ව­ර්ධන ගණිත අංශ­යෙන් උසස් අධ්‍යා­ප­නය ලැබු­වද සංගී­තය හා කලා කුස­ලතා පිළි­බඳ විශේෂ හැකි­යා­වක් තිබූ ඇයගේ කුලුඳුල් කාව්‍ය සංග්‍ර­හ­යයි. කාව්‍ය සංග්‍ර­හ­යක් වශ­යෙන් නිර්මිත ඇයගේ මෙම කෘතිය කාව්‍ය 50 ක එක­තු­වකි. සමා­ජයේ විවිධ මාතෘකා අලළා ලියැ­වුණු මෙම කෘතිය හරහා කතු­ව­රි­යගේ අපූරු කාව්‍ය කුස­ලතා මනාව ඔප් නංවයි.


Too Many Detectives and other short stories

කෘතිය – Too Many Detectives and other short stories
කර්තෘ -Freeda Villavarayan
ප්‍රකා­ශ­නය -සී/ ස ඇස් ගොඩගේ සහ සහෝ­ද­රයෝ
මිල- රු 750, පිටු ගණන- 148
දුර­ක­ත­නය – +141 633 502 45 වට්ස්ඇප්

කැන­ඩාවේ ටොරෙන්ටෝ හි පදිංචි Freeda Villavarayan විවි­ධා­කාර ක්ෂේත්‍ර අලළා කෘති රාශි­යක් පළ කර ඇති කතු­ව­රි­යකි. දරු­වන් මහත් සේ ඇලුම් කරන ප්‍රධාන රහස් පරී­ක්ෂ­ක­යින්ගේ වීර ක්‍රියා හා වෙනත් කතා කිහි­ප­යක් ඇතු­ළත් කතා­න්තර හත­ර­කින් රචිත මෙම කෘතිය තුළින් කිය­ව­න්නාට වෙහෙ­සක් ඇති නොවී කිය­වා­ගත හැකි පරිදි සරල සිතු­ව­මින්ද සකස් කර ඇත.

අලං­කාර පිට­ක­ව­ර­ය­කින් මුද්‍රිත මෙම ග්‍රන්ථය කර්තෘගේ අන් ග්‍රන්ථ මෙන් මනා නිමා­ව­කින් හා වෙනස්ම ආකා­රයේ කතා පුව­ත­කින්ද යුතු­වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division