Home » ජීවිතේ සැන­සුම

ජීවිතේ සැන­සුම

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

දුවලා දුවලා දිවි මඟක්
කෙටි වෙලා මගෙ ආයු­ෂත්
ගිම් නිවන්න මංස­ලක්
මට හමු වුණේ පන්ස­ලක්…

හමු වුණ අය සිය ගණන්
දුන්නෙම මට ගින්ද­රක්
ලැබුණා මට පුත් රුව­නක්
දැනුණේ මට මහ­මෙ­රක්…

දමා යන්න සිය වරක්
හිතුවේ මම හැම රැයක්
පුතෙක් දුන්න සැන­සු­මක්
දිවි­යම දැන් සුර ලොවක්…

මෙලනි පති­රණ


ජැක්සන් ඇන්තනී ගැනයි

ජැක්සන් ඇන්තනී පහ­නකි කලා ලොවේ
නික්මු එළිය අප ජාතිය වෙලා දිවේ
එක් ජව­නි­කා­වක් කෙළ­වර කළා බවේ
මක්කා කර­න්නද හැම හද මිලන වේ
පූජ්‍ය කැප්පි­ටි­යා­ගොඩ කල්‍යා­ණ­වංස ස්ථිවිර

බිඳුණු පෙම
විදු­ලි­යක් කොටයි
අහස් කුස නොව
මගේ හිස මත
අකුණු සැර එක දිගට
නව­තින්න හිතක් නැත
මඟ දෙප­සම බලමි
අහස ද බලමි
වැස්සක සල­කුණු ද නැත
සා අවු­රු­ද්දක ප්‍රේමය මග හැර
ඔහු පිය­මනී වෙනත් අඟ­නක් සමඟ

කමලා ධර්ම­ලතා ජය­සු­රිය


දිය­ණි­යනි

දකින සැම දසු­න­කම නොමැත පිවි­තුරු බවක්
යනෙන මඟ තිබිය හැක නොසිතු පැන නැති නිමක්
ගෙවෙන කල මග නොහැර කරන දන හට සෙතක්
කියන දෙය කලට නිසි කරනු නොම­ගෙන බියක්

ලොවක් දිනු සමිඳු ගුණ අප්පච්චි මෙනෙහි කෙරු
සුරැක දැහැ­මිව සිටිනු දිවි පහන නිවෙන තුරු
දිනක කැල­ලක් නොකොට රටට නෙත කඳුළු පිරු
දැයක දිය­ණි­යක වනු මැන ඔබ රටම කරන ගරු

වට්ටා­රම. ටී. ඇම්. පොඩි­රා­ල­හාමි


රෑ අහස

රවු­මට රන් තැටි­යක් මෙන්
රෑ අහසේ සඳ ඇතී
මලින් පිරුණු තැටි­යක් මෙන්
රෑ අහසේ තරු ඇතී

රෑ අහ­සයි නිල් පාටින් දිලෙන්නේ
තරු­ප­තිගෙ දිස්නෙයි මේ හෙළන්නේ
නීල වලා මැද්දෙන් මහ වැහි වැටෙන්නේ
නීල­ඹරේ පෙම් පාටින් දිලෙන්නේ

පුංචි අපිත් ආසා­වෙන් බලන්නේ
හඳේ ඉන්න හාවා­වයි සොයන්නේ
රන් තැටියේ කිරියි පැණියි පෙනෙන්නේ
පුංචි මටත් දෙනවා දැයි අහන්නේ

ඩබ්ලිව්. චෙහානි උපේක්ෂා


සොබා සිරි

වන­තුරු වදුල විද රන් කෙදි­මෙන් හෙළන
දිව­යුරු පඬු පැහැය ගෑ අරු­ණලු කිරණ
විසි­තුරු රූ රටා මිහි­ලිය මත මවන
පල­තුරු බුදින සියො­තුන් පෙන්නයි දකින

රන්තරු සමඟ සිසි සැඟ­වුණු තැන් සොයන
නිර­තුරු නබෝ ගැබ තුළ මේකුළු ඇදෙන
නිල්තුරු සෙවණේ තුරු­ලිය එකි­නෙක ගැටෙන
සුමි­යුරු හඬ මවයි වෙන තත පිරි මැදෙන

අම­යුරු මියුරු හඬ වස්ද­ණ්ඩෙන් නැඟෙන
නොම­සුරු සහය දෙයි ඇසු ගෙඹි කැල වයන
පැස්බරු විල්දියේ තර­ගෙට ඔරු පදින
එක්දරු මුවැ­ත්තිය දැක ඇත බිය වැදුන

එම්. එම්. කුල­සිරි ද සිල්වා


සැරදේ ශ්‍රී ලංකා

මුළු ලොව පුරා සුප­තලි මගෙ සිහල රට
දිය ඇළ මහා ගංගා කඳු­ව­ලින් වට
මල් ගොමු තුරු­ලතා අප හට දෙයි සතුට
මුතු ඇට­යකි සැදුණු මහ සාග­රෙන් වට

වළ­ගම්බා, මහ පැර­කුම් දුටු ගැමුණු
ලෝවා මහා පායේ ඇති ගල් කුලුනු
සිතු­මිණ වැනිය රන්මැලි සෑ මට ලැබුණු
සිරි­ලක එදා අසි­රිය පෙන්වයි තිබුණු

ඒ. එම්. කරු­ණා­වතී


ජීවන බර

පාන් පෙත්තයි කහට උගු­රයි
මදි වුනොත් ඇල් වතුර ටික­කුයි
උදේ වේලත් කුස රව­ට­මින්
දවසෙ වැඩ ටික කර­නවා
දවසෙ කුලි­යට ලැබෙන ගාණින්
ගෙදර අය­ වැය බැහැ හද­න්නට
ගෙව­න්නට හෙට පොරො­න්දුව පිට
කළු කඩෙන් ණය ගන්නවා
ලයිට් වතු­රට බිල ගෙව­න්නට
පොඩි එවුන් ටියු­ෂන් යව­න්නට
ගත්තු ණය වාරික නොගෙ­ව්වම
සින්න වෙයි කර මාල­යත්

සෝම­දාස කන්දෙගේ


ගබ්සාව

අවි­වා­හක මවු­පියෝ
තමන් නැති කර­න්නට
විඳින වදය දැක
කල­කිරී
සිය­දිවි නසා­ග­ත්තේය
තෙමස් කල­ලය

ලීලා­රත්න සුබ­සිංහ


විඳින දුක

සුදු පාට බිත්තියේ රාමු­වක් යටට වී
කිරි හුනා නොසෙල්වී සිල් අරන් සිටි­නවා
විදුලි බුබුළේ වටේ වැට­ගසා මකු­ළුවා
අත්ති­වා­රන් ගසන නූල් ඌ අදි­නවා

ගෙදර හිමිගේ ඇඳේ කොට්ටෙ උඩ
නිදා­ගෙන සුදු පූසා එක් ඇසින් රහ­සේම රව­නවා
බඩ­ගින්න නොපෙ­නු­ණත් විඳින දුක
දකින විට උප­න්දින ලැබු ගින්න හද­ව­තට දැනෙ­නවා

එම්. අර්. සම­ර­සේ­කර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division