Home » මොරොන්තුඩුව සත්බුදු පුරාණ විහාරයේ කඨින පින්කම 20දා

මොරොන්තුඩුව සත්බුදු පුරාණ විහාරයේ කඨින පින්කම 20දා

by Mahesh Lakehouse
November 11, 2023 12:28 am 0 comment

මොරොන්තුඩුව සත්බුදු පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම පංච මහා විහාරාධිපති අනුරාධපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක කම්මට්ඨානාචාර්ය පූජ්‍ය පරගස්තොට සුධම්ම නායක හිමිපාණන්ගේ සහ විහාරාධිකාරී මතුගම මහින්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි 20දා දවස පුරා පැවැත්වේ.

නොවැම්බර් 15 වැනිදා පෙ.ව 8.00ට පැවැත්වෙන කිරි ආහාර බුද්ධ පූජාව සහ පිරිත් දේශනා 20 වැනි සඳුදා දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර, පින්කම සඳහා ප්‍රධාන දායකත්වය දක්වන්නේ මොරොන්තුඩුව, මාරගහවත්ත පදිංචි ජයරත්න පෙරේරා සහ අශෝකා සිරිවර්ධනය.


විනයාලංකාරාරාමයේ කඨින පින්කම

මරදාන, සුදුවැල්ල විනයාලංකාරාරාම බුරුම පන්සලේ කඨින පින්කම ශ්‍රී ලංකා ශ්වෙන්ජින් නිකායේ කර්මාචාර්ය හා කාරක සංඝ සභික කළුතර වනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විනයාලංකාරා රාමාධිකාරී ඔකදගල මෙත්තාරාම හිමියන්ගේ මෙහෙයවීමෙන් 12,13 දෙදින පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division