Home » 31 වැනි සංවත්සර සැමරුම ඉහළින්ම
කොතලාවල සරසවියේ පාඨමාලා අංක - 10

31 වැනි සංවත්සර සැමරුම ඉහළින්ම

by Mahesh Lakehouse
November 11, 2023 12:32 am 0 comment

වීරයෝ කිසිදා මිය නොයන අතර, ඔවුහු සුවහසක් හදවත්වල සදා අමරණීයව ජීවත් වෙති. ඒ බව සනාථ කළ අභිමානවත් අවස්ථාවක් ඉකුත් නොවැම්බර් 8 වැනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

එදින එම විශ්වවිද්‍යාලයේ පාඨමාලා අංක – 10 කණ්ඩායමේ 31 වැනි සංවත්සර සැමරුම අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර, එහිදී මවුබිම වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ අංක 10 පාඨමාලාවේ සාමාජිකයන් 11 දෙනකු ස්මරණය කිරීම ද සිදු විය. එහිදී මියගිය වූවන්ට පුෂ්පෝපාහාර පිරිනැමුණේ එම සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන් සහ උසස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.

එසේ උපහාර ලැබුවේ දැයෙන් සමුගත් කපිතාන් එම්. එස්. අබේසේකර, ඩබ්ලිව්. ඩබ්ලිව්. වී, කපිතන් බී. එස්. එන්. ප්‍රනාන්දු, මේජර් කේ. ඩී අත්තනගොඩ, මේජර් ටී. ඒ. වී. මැකල්වි, මේජර් එම්. එන්. පී. එන්. ජයසිංහ, 2 වැනි ලුතිනන් වී. එච්. කේ. නානායක්කාර, මේජර් පී. එම්. ජේ. පී. පෙරේරා, කපිතන් එන්. ඒ. ඒ. ශ්‍රීයන්ජිත්, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් එන්. සී. කේ. අබේසිංහ, ලුතිනන් එස්. පී. කේ. මුත්තෙට්ටුවත්ත සහ නාවික කැඩෙට් නිලධාරී ආර්. කේ. ජේ. එන්. රාජපක්ෂ යන නිලධාරීන්ය. ඉන් කිහිප දෙනෙක් මෙහි දැක්වේ.

වර්ෂ 1992 නොවැම්බර් මස 08 වැනිදා ජවසම්පන්න තරුණයන් 73 දෙනෙකුගෙන් සැදුම් ලත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලා අංක – 10 ස්ථාපිත වූයේ දේශයේ ආරක්ෂාව සුරක්ෂිත කරනු සඳහාය. එය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය දරුණු ලෙස දිවයින පුරාම ව්‍යාප්තව තිබූ අතර, එය මැඬ පැවැත්වීම සඳහා ආරක්ෂක හමුදාවෝ විවිධ මෙහෙයුම් දියත් කරමින්, නවක සාමාජිකයන් ද බඳවා ගනිමින් සන්නද්ධ වෙමින් සිටි කාල වකවානුවකි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලා අංක – 10ට උපදේශකත්වය ලබා දෙමින් එය මෙහෙයවනු ලැබුවේ දක්ෂතම හමුදා උපදේශකවරුන්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division