Home » ජනාධිපති සිනමා සම්මාන උලෙළ 14 දා
දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය

ජනාධිපති සිනමා සම්මාන උලෙළ 14 දා

by Mahesh Lakehouse
November 11, 2023 12:39 am 0 comment

ශ්‍රී ලාංකේය සිනමාවේ අද්විතීය රාජ්‍ය ඇගයීම වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ – 2023 ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මග පෙන්වීම යටතේ 14 දා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. 1979 වසරේ ආරම්භ කළ ජනාධිපති සිනමා සම්මාන උලෙළේ මේ පැවැත්වෙන්නේ 20 වන සිනමා සම්මාන උලෙළයි.

ලාංකේය සිනමා කලාව හා කර්මාන්තය පෝෂණය පිණිස සිනමාවේ විවිධ ක්ෂේත්‍ර ඇගයීම තුළින්, ලොව දිනන හෙළ සිනමාවක් බිහි කිරීම මෙහි අරමුණයි. “ලොව දිනන ලක් සිනෙ වරුණ” මෙවර සම්මාන උලෙළේ තේමා පාඨයයි. මෙම සිනමා උලෙළේදී 2019, 2020 පාදක වර්ෂයන්හි තිරගත වු චිත්‍රපට 42 ක් ඇගයීමට පාත්‍ර වේ. විශේෂයෙන් ස්වර්ණසිංහ සම්මාන ඇගයීම් 03ක්, පුරෝගාමි සම්මාන ඇගයීම් 04 ක් සහ විශ්ව කීර්ති සම්මාන ඇගයීම් 02ක් මෙවර ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුග වර්ණවත් කළ සිනමාකරුවෙකු සඳහා පිරිනැමෙන යුගාභිමානී සිනමා සම්මානය මෙවර සම්මාන උලෙළේදී ඇගයීමට පාත්‍රවන විශේෂ සම්මානයකි.

එමෙන්ම ගෞරවාන්විත සිංහ තිළිණ සමඟ පිරිනැමෙන විශාල මුදල් ත්‍යාගද මෙම සම්මාන උලෙළේදී ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division