Home » ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි

by Mahesh Lakehouse
November 11, 2023 12:40 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ

සාමාජිකත්වය අත්හිටවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල බෙබ් අඩවිය සිකුරාදා (10) රාත්‍රියේ නිවේදනය කළේය.

තම සාමාජිකයකු ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සිය කවුන්සිලයේ වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බව සිකුරාදා (10) දහවල් රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇතැයි ද එහි සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එහි නියාමනයට හෝ පරිපාලනයට බාහිර මැදිහත් වීම් නොමැති බවට සහතික කළ යුතුව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවදුරටත් නිවේදනය කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ගත් තීරණයට අදාළ කොන්දේසි පසුව නිවේදනය කරන බවද එහි

සඳහන් ය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division