Home » ජනගහනයෙන් 23%කට දියවැඩියාව

ජනගහනයෙන් 23%කට දියවැඩියාව

by Mahesh Lakehouse
November 4, 2023 12:40 am 0 comment

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 23%ක් පමණ දියවැඩියාවෙන් පෙළෙන අතර, 30%ක් පමණ පූර්ව දියවැඩියාවෙන් පෙළෙන බවත් සෙසු ආසියාතික රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව අවදානම් කලාපයේ පසුවන රටක් බවත් ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, දියවැඩියා සහ හෝර්මෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු ටී. මුතුකුඩ සිළුමිණට හෙළි කළාය.

මෙරට තරුණ හා පාසල් සිසුන් අතර දියවැඩියාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවත් වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ හා යාපනය දිස්ත්‍රික්කවලින් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රතිශතයක් ලෙස එය පිළිවෙළින් 34.1% සහ හා 30.8%කි. අවම දියවැඩියා රෝගීන් සංඛ්‍යාව වන 8%ක් වාර්තා වී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙනි. බස්නාහිර පළාත තුළ පමණක් හඳුනා ගෙන ඇති දියවැඩියා රෝගීන් සංඛ්‍යාව 29%ක් වේ. වසර 2019 සමීක්ෂණ අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සුරේකා නිල්මිණි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division