Home » පොහොට්ටුවේ 7වැනි සංවත්සරයට පරිත්‍රාණ ධර්ම දේශනයක්

පොහොට්ටුවේ 7වැනි සංවත්සරයට පරිත්‍රාණ ධර්ම දේශනයක්

by Mahesh Lakehouse
November 4, 2023 12:41 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනයක් නොවැම්බර් 3 වැනි සිකුරාදා පස්වරුවේදී බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගල කාරියවසම් ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පක්ෂයේ ක්‍රියාකාර­ිකයන් සහ හිතවතුන්ද සහෝදර පක්ෂ සියල්ලම වෙනුවෙන් නියෝජිත පිරිස්ද එක්ව සිටියහ.

 

(ඡායාරූප - විමල් කරුණාතිලක)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division