Home » බලපත්‍ර නැති මූල්‍ය ගනුදෙනු තහනම් 
 ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනයට අධිකාරියක්

බලපත්‍ර නැති මූල්‍ය ගනුදෙනු තහනම් 

වරදකරුවන්ට වසර පහක සිර දඬුවම් - දඩය ලක්ෂ පනහයි

by Mahesh Lakehouse
November 4, 2023 12:45 am 0 comment
ජයසිරි මුණසිංහ සහ ඉනෝකා පෙරේරා

විවිධ අගහිඟකම්වලින් පෙළෙන ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ජනයා ණය උගුලේ හසු කර ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන පාලනය කිරීමට පුළුල් බලතල සහිත ස්වාධීන අධිකාරියක් පිහිටු වීම සඳහා පනත් කෙටුම් පතක් දැන් ගැසට් කර තිබේ. මේ වන විට ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නංවා ලබන වසරේ මුල් භාගය වන විට අධිකාරිය පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

මෙම අධිකාරිය පිහිටුවීමෙන් පසු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයකුට මුදල් ණයට දීමේ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑමට හැකියාවක් නැත.

එසේ ලියාපදිංචි නොවී ගනුදෙනු සිදු කරන්නේ නම් ඒවා නීති විරෝධී ආයතන වන අතර එසේ නීති විරෝධී ලෙස ගනු දෙනු පවත්වාගෙන යමින් වරදකරුවකු වුවහොත් වසර පහක් නොඉක්මන කාලයක් සඳහා සිර දඬුවමකට සහ ලක්ෂ පනහක් නොඉක්මන දඩයකටද යටත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ දැනට මහ බැංකුවේ ලියාපදිංචි වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන පහක් පමණක් වන අතර ඉන් බාහිරව රට පුරා නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සංවිධාන සංඛ්‍යාව 11,000 කට ආසන්නය. එම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් වින්දිතයන් බවට පත් වූ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 30ක් පමණ වන බව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් සිළුමිණට කීවේය. එයින් 295 පමණ මේ වන විට සිය දිවි නසා ගෙන ඇතැයි පෙන්වා දෙන එම සංවිධානය එමඟින් අනාථ වූ පවුල් සංඛ්‍යාව දහස් ගණනක් බවද හෙළි කළේය. ඇතැම් මූල්‍ය ආයතන මඟින් අය කරනු ලබන වාර්ෂික පොළිය 70% කට ආසන්නය.

අලුතෙන් පිහිටුවන ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරය, මහ බැංකුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පත් වන අතර මුදල් ඇමැතිවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට නියෝජිතයන් දෙදෙනකු බැගින් හතර දෙනකු පත් කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division