Home » කටක ලග්න හිමියන්ට රැකියාවේ උසස්වීම්
2025 මාර්තු 29 දා සිට පවතින ග්‍රහචාරයට අනුව

කටක ලග්න හිමියන්ට රැකියාවේ උසස්වීම්

කටක ලග්න හිමියන්ගේ ඉදිරි කල දසාව

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– 2023 වසර ආරම්භයේ සිටම කටක ලග්න හිමියන්ට ඉතා ආන්දෝලනාත්මක කාල වකවානුවක්

සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව 2023 වර්ෂයේ ආරම්භයේ සිටම කටක ලග්න හිමියන්ට ඉතා ආන්දෝලනාත්මක කාල වකවානුවක් වන අතර 2025 වසරේ මාර්තු 29 වනදා දක්වාම මෙම ග්‍රහ ගෝචරය පවතියි. විශේෂයෙන් 2025 වසරෙහි මාර්තු 29 වනදා දක්වාම මෙම ග්‍රහ ගෝචරය පැවතුණද ඔවුන් වැඩිපුරම අවධානයෙන් සිටිය යුතු වන්නේ 2023 වසරේ නොවැම්බර් 4, 2023 වසරෙහි ජුනි 30, 2024 නොවැම්බර් 15, 2025 වසරෙහි මාර්තු 29 සහ එම දින ආශ්‍රිත දිනවලය.

ඉහත කී දිනවල සහ එම දින ආශ්‍රිත දිනවලට, කටක ලග්න හිමියන්ගේ අසම්පූර්ණව පවතින යම් යම් කටයුතු සම්පූර්ණ වීමට ඉඩකඩ ඇත. ඔවුන් එම දිනවල සහ එම දින ආශ්‍රිත දිනවල අසනීප පිළිබඳව ද, අනතුරු පිළිබඳව ද, රැවටිලිවලට හසුවීම් පිළිබඳව ද, සොර සතුරු බාධක පිළිබඳව ද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය.

විශේෂයෙන් කටක ලග්න හිමියන්ට 2023 වසරෙහි ජනවාරි මුල සිට මේ දක්වා සිදු නොවූයේ නම් 2025 වසරෙහි මාර්තු 29 වනදා දක්වා ඉදිරියට පවතින කාල සීමාව තුළ රැකියාවේ වෙනස්කම්වලට හෝ රැකියාවේ උසස්වීම්වලට ඉඩකඩ ඇත. තවද 2025 වසරේ මාර්තු 29 වනදා දක්වා ඉදිරියට පවතින කාල සීමාව තුළ කටක ලග්න හිමියන් ස්වාධීන වීමට උත්සාහ කිරීමක් පෙන්නුම් කරන අතර ප්‍රතිපත්තිවලින් සමහරක් වෙනස් වීමට ද ඉඩකඩ ඇත.

එමෙන්ම 2023 වසරෙහි ජනවාරි 19 වනදාත් 2025 වසරෙහි මාර්තු 29 වනදාත් අතර කාල සීමාව තුළ කටක ලග්න හිමියන්ගේ දැනට පවතින සමහර පුරුදු නතර වීමට ඉඩ ඇති අතර අලුත් පුරුදු ඇති වීමට ද ඉඩකඩ ඇත. එමෙන්ම 2023 වසරේ ජනවාරි 19 වනදාත්, 2025 වසරෙහි මාර්තු 29 වනදාත් අතර කාල පරිච්ඡේදය තුළ කටක ලග්න හිමියන් අදෘශ්‍යමාන බලවේගයක් විසින් පාලනය කිරීමට ඉඩ ඇත. එම බලවේගයට අවශ්‍ය දේවල් සිදු වනු ඇත. එසේම එම බලවේගය විසින් සමහර අවස්ථාවලදී ධනාත්මක දේවල් සිදු කිරීමට ද ඉඩ ඇත. උදාහරණයක් ලෙස යම් කටක ලග්න හිමියෙකු වාහනයක් ගන්නට උත්සාහ කළහොත් අදාළ බලවේගය විසින් ලබා දෙන්නේ වාහනයක් වෙනුවට ඉඩමක් විය හැකිය. මීට අමතර ලෙස 2023 වසරෙහි ජනවාරි 19 වනදාත්, 2025 වසරෙහි මාර්තු 29 වනදාත් අතර කාලසීමාව තුළ කටක ලග්න හිමියන්ට විශාල ලෙස උපකාර කළ පුද්ගලයෙකු පිළිබඳව හෝ සමීපතම පුද්ගලයෙකු පිළිබඳව අසුබ ආරංචියකට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව ද විමසිලිමත් විය යුතුය.

2034 වසරේ ජූලි 10 වනදාත්, 2036 වසරේ අගෝස්තු 27 වනදාත් අතර කාලසීමාව තුළ ද කටක ලග්න හිමියන්ට ඉතා ආන්දෝලනාත්මක කාල වකවානුවක් ගත වන බව පෙනේ. එම කාලසීමාව තුළ ඔවුන්ගේ විශාල සිහිනයක් සැබෑ වුවද එම සිහිනය සැබෑ කරගැනීමට අදාළ පූර්ණ සතුට නොලැබී යනු ඇත. මීට අමතර ලෙස 2034 වසරෙහි ජූලි 10 වනදාත්, 2036 වසරේ අගෝස්තු 27 වනදාත් අතර කාලසීමාව තුළ කටක ලග්න හිමියන්ට ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයේ සිදුවීම්වලට ඉඩකඩ ඇති අතර ජීවිතයේ කිසිදා නොලද අත්දැකීම් ලැබෙන්නට ද ඉඩකඩ ඇත. එමෙන්ම ඉහත කාලසීමාව තුළ කටක ලග්න හිමියන්ගේ රැකියාවේ වෙනසකට හෝ රැකියාවේ උසස්වීමකට ද ඉඩකඩ ඇත.

ඉදිරි කාලසීමාව සලකද්දී කටක ලග්න හිමියන්ට වඩාත් තීරණාත්මක කාල වකවානුවක් ලෙස 2024 වසරෙහි මාර්තු 15 වනදාත්, අප්‍රේල් 23 වනදාත් අතර කාල වකවානුව දැක්විය හැකිය. එම කාල වකවානුව තුළ කටක ලග්න හිමියන්ගේ පදිංචි ස්ථානය තාවකාලිකව හෝ වෙනස් වීමට ඉඩ ඇත. නොඑසේ නම් එම කාලසීමාව තුළ කටක ලග්න හිමියන් දැනට පදිංචි ස්ථානයට තාවකාලිකව හෝ වෙනත් කවුරුන් හෝ පදිංචියට ඒමට හෝ කටක ලග්න හිමියන් දැනට පදිංචි ස්ථානයේ සිටින අයෙකු තාවකාලිකව හෝ වෙනත් ස්ථානයකට පදිංචියට යාමට හෝ ඉඩකඩ ඇත. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව 2024 වසරෙහි මාර්තු 15 වනදාත්, 2024 අප්‍රේල් 23 වනදාත් අතර කාලසීමාව තුළ රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමේ ඉඩක් ද කටක ලග්න හිමියන්ට පෙන්නුම් කෙරේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division